කටුකරුන්ද ඛේදවාචකය : ධිවර බලපත් කොන්දේසි කැඩූ හැමෝටම නීතිමය ක්‍රියාමාර්ග

February 20, 2017

කළුතර කටුකුරුන්ද මුහුදු ප්‍රදේශයේදී බහුදින ධීවර යාත්‍රාවක් පෙරලීමෙන් ජිවිතක්ෂයට පත් සියළු දෙනාට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා සිය බලවත් ශෝකය පල කර සිටි.

වෙරළාරක්ෂක නිලධාරීන්ගේ උපදෙස් නොතකා හිතුමනාපයට ධීවර බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් කටයුතු කිරීම හේතුවෙන් වටිනා ජිවිත ගණනාවක් අහිමු වූ බවත් තවත් විශාල පිරිසකට ජිවිත අවදානමකට මුහුණපෑමට සිදුවූ බවත් දිලිප් වෙදආරච්චි මැතිතුමා අවධාරණය කළේය.

එබැවින් මෙවැනි ජිවිත හානියක් සිදුවීමට ප්‍රධාන හේතුව මගීන් ප්‍රවාහනයට කිසිදු පහසුකමක් නොමැති ධීවර යාත්‍රාවක මගීන් ගෙනයාම බව පෙන්වා දෙන ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා  එය ධීවර කටයුතු සදහා ලබාදෙන බලපත්‍ර කොන්දේසි ඉතා බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බව අවධාරණය කළේය.

එබැවින් එම ධීවර යාත්‍රාව පැදවූ අය මෙම අනතුරේ සම්පුර්ණ වගකීම දැරිය යුතු බැවින් ධීවර පනත අනුවද ගත හැකි සියළු නීතිමය පීයවර ගත යුතු බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබිය.

මෙම ඛේදවාචකය සැලවූ වහාම ඒ පිලිබදව සොයාබලා  අවශ්‍ය පියවර ගන්නැයි රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා සියළු අංශ වෙත උපදෙස් ලබා දුන්නේය.

ධීවර යාත්‍රාවක් මුහුදු ගමනක් යාමට පෙර යාත්‍රාවේ සමබරතාව රැකගැනීමට අවශ්‍ය පියවර ගතයුතු බවට සියළු යාත්‍රා පදවන්නන්ට පැහැදිලි උපදෙස් ලබා දී තිබියදී මෙලෙස මගින් පැටවීම මගින් යාත්‍රාවේ සමබරතාව ගිලිහී ගොස් අනතුර සිදුව ඇති බවට කරුණු හෙළිවෙමින් පවති .

මෙවැනි අනතුරු ඉදිරියේ සිදුනොවීම සදහා එවැනි බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරණ සියළු දෙනාට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීමටත් මිට පෙර තමන් විසින් යෝජනා කළ සෑම ධීවර යාත්‍රාවක් සදහාම ජීවිතාරක්ෂක යාත්‍රා තිබීම අනිවාර්ය කිරීමට  ඇති හැකියාව සොයාබලා පියවර ගන්නැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.

t

o

p