ලොතරැයි මණ්ඩලයට නව පනතක්

February 16, 2017

ජාතික ලොතරැයි මණ්ඩලයට නව පනතක් සකස් කිරීම සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
ජාතික ලොතරැයි මණ්ඩල පනත වසර 53ක් පැරණිවීම සහ නවීනත්වයට ගැළපෙන පරිදි නව පනතක ඇතිවී ඇති අවශ්‍යතාව මත මෙම තීරණය ගත් බව සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා මාධ්‍ය යොමුකළ පැනයකට පිළිතුරු දෙමින් මෙහිදී පැවැසීය.
1963 අංක 11 දරන මුදල් පනත මගින් ජාතික ලොතරැයි මණ්ඩලය ස්ථාපිත කර ඇත. මේ වනවිට එම මණ්ඩලය මගින් දිනුම් අදින ලොතරැයි පත් නවයක් සහ ක්ෂණික ලොතරැයි පත් දෙකක් පවත්වාගෙන යනු ලැබේ. එමගින් 2015 වර්ෂයේදී උපයාගනු ලැබ ඇති ආදායම රුපියල් බිලියන 17.5කි.
දැනට තිබෙන පනතෙහි දක්නට ලැබෙන අඩුපාඩු නිවැරදි කර ගනිමින් වර්තමානයට ගැළපෙන පරිදි එය සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ‍පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින්ද පෙන්වා දී ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

t

o

p