පිට පිට තෙවැනි වරටත් රග්බි ලීග් ශූරතාව මහනුවරට

February 13, 2017

ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලිය යටතේ පැවැති සී.එච්. සහ මහනුවර අතර තරගයෙන් ලකුණු 59-3ක ජයක් වාර්තා කළ මහනුවර මෙවර ලීග් රග්බි ශූරතාව දිනා ගැනීමට සමත් විය.
පළමු වටයේදී ගුවන් හමුදාව වෙතින් අනපේක්ෂිත පරාජයක් ලැබුවද ඉන්පසු විශිෂ්ට ක්‍රීඩා විලාසයක නිරත වූ රොෂාන් වීරරත්නගේ නායකත්වයෙන් යුත් මහනුවර අවසානයේදී ලීග් ශූරතාව හිමිකර ගත්තේය.
මෙය මහනුවර පිට පිටම ලැබූ තෙවැනි ලීග් ශූරතාව වන අතර, රග්බි ඉතිහාසයේ ලැබූ 19 වැනි ලීග් ශූරතාව වෙයි.

t

o

p