සම්බා හා නාඩු සහල් වලට උපරිම සිල්ලර මිලක්

February 6, 2017

සහල් සඳහා පාලන මිලක් නියම කිරීමට මුදල් අමාත්‍යංශය කටයුතු කර ඇත. ඒ අනුව අද (06) මධ්‍යම රාත්‍රියේ සිට නාඩු කිලෝ 1ක උපරිම සිල්ලර මිල රුපියල් 70ක් වන අතර සම්බා සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 80ක් වේ.
මුදල් අමාත්‍යංශයේදී රැස්වූ ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව මෙම තීරණය ගනු ලැබීය.

මෙම කමිටුව සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක, සංවර්ධන ක්‍රමෝපාය හා ජාත්‍යන්තර වෙළෙද කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම, ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී.හැරිසන්, වාණිජ හා කර්මාන්ත අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, ධීවර අමාත්‍ය මහින්ද අමරවීර, විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම මිල ගණන් වලට පටහැනිව අධික මිල ගණන් වලට සහල් අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද සරත් අමුණුගම අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

t

o

p