ඇමරිකානු වැඩබලන නීතිපති ධූරයෙන් ඉවතට

February 1, 2017

සංක්‍රමණිකයින්ගේ පැමිණීම තහනම් කරමින් තමා පැනවූ නියෝගයේ නීත්‍යනුකූල බව ගැන ප්‍රශ්න කළ වැඩබලන නීතිපතිවරියව ඇමෙරිකානු ජනපතිවරයා විසින් ඉවත්කර තිබේ.
බරක් ඔබාමා විසින් පත්කරනු ලැබූ සැලී යේට්ස් නම් මැය අධිකරණ දෙපාර්තමේන්තුවේ සේවකයින්ටද ජනපතිගේ අණ පිළිනොපදින ලෙස දන්වා තිබිණි.
වර්ජිනියා ප්‍රාන්තයේ නීතිවේදියෙකු ලෙස කටයුතු කළ ඩනා බොයෙන්ටි ඒ වෙනුවට පත්කර ඇති අතර ජනපතිවරයාගේ නියෝගය පිළිගන්නා ලෙස ඔහු වගකිවයුතු අයට දන්වා තිබේ.
මේ සම්බන්ධයෙන් ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ හිටපු වැඩබලන නීතිපතිවරිය අධිකරණ දෙපාර්තමේන්තුවට ද්‍රෝහිවීම නිසා ඇයව ඉවත්කළ බවයි.

t

o

p