එල්ටීටීඊ ම්ලේච්ඡත්වයෙන් බැට කෑ සිංහලයන්ට මානව හිමිකම් නැද්ද?

March 6, 2014

protest_maradana_060314_1

මීට වසර 16 කට පෙර එනම්, 1998 මාර්තු 05 වන දා කුරිරු එල්ටීටීඊ ත්‍රස්තයන් විසින් කොළඹට එල්ල කළ 21 වන ප්‍රහාරය දියත් කළේය.

එදා  මරදාන පාලම යට පුපුරුවා හැරි බෝම්බය ජීවිත රැසක් බිලි ගත්තේ පාසල් ශිෂ්‍යාවන් දෙදෙනෙකුටද මරු කැඳවමිනි. මරදාන ගෝතමී බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඉරේකා සහ සුලෝචනාද ඒ අවාසනාවන්ත ඉරණමට එදා ගොදුරු විය.

protest_maradana_060314_1

අතීතයේ එදින සිහිපත් කරමින් ඊයේ (05) එම පිපිරීම සිදු වූ ස්ථානයේ සහ කොළඹ ආනන්ද විද්‍යාලය ඉදිරිපිටදී අතීතාවර්ජනයක් සිදු කිරීමට නිශාන්ත ශ්‍රී වර්ණසිංහ කටයුතු කළේය. සිත්පිත් නැතිව ලොකු කුඩා, ජාති ආගම්, කුලභේදයකින් තොරව සාහසික ඝාතන රැල්ලක් කොළඹ ආශ්‍රිතව එල්ටීටීඊය වපුරන මොහොතක 1998 මාර්තු 05 වන දා මරදාන බෝම්බය පිපිරීමත් සමඟ ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය බිහිවිය. එදා සිට නන්දිකඩාල් කළපුවෙන් ත්‍රත්තවාදයේ අවසන් හුස්ම හෙළන තුරුම මෙම ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය රට තුළ සක්‍රීයව ක්‍රියාත්මක විය.

නැවත වරක් ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරයට වීදි බැසීමට කාලය එළඹ ඇතැයි එදා එහි කැඳවුම්කරු වූ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ පෙන්වා දෙයි. එදා අමු අමුවේ කොටින්ගේ ඝාතන රැල්ලෙන් අකාලයේ මියැදුණු සිංහලයින්ගේ මානව හිමිකම් වෙනුවෙන් ජාත්‍යන්තරයේ කිසිදු පාර්ශවයක් අද වන තුරු කතාකර නොමැති බව නිශාන්ත පෙන්වා දෙයි. ඒත් අද ජාත්‍යන්තරයේ ඇතැම් පාර්ශව යුධ අපරාධ ගැන මානව හිමිකම් ගැන කතා කරයි. මරබයේ අපේ රටටවත් ආවේ නැති ජාත්‍යන්තර නියෝජිතයන් අද අපේ රටටම විත් අපිට විරුද්ධව ව්‍යාජ ලේඛන සකස් කර රටම වනසපු කොටින්ගේ මානව හිමිකම් රැකීමට පිඹුරු පත් සැකසීම නිවට කමක් යැයි නිශාන්ත ශ්‍රී වර්ණසිංහ පෙන්වා දෙයි.

අපි අපේ සිංහලයෝ මැරිච්ච ම්ලේච්ඡ ප්‍රහාරවල අඳුරු අතීතය අමතක කළා. ඒ රට ජාතිය ගැන හිතලා. ඒත් සමහරු ඒක කරන්න සූදානම් නැහැ. ඒ වෙනුවෙන් වීදී බසින්න, ඊට එරෙහිව නැගී සිටින්න ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරයේ අපි සූදානම් බව එහි කැඳවුම්කරු නිශාන්ත ශ්‍රී වර්ණසිංහ ඊයේ (05) පැවැති අනුස්මරණ වැඩසටහනේදී අවධාරණය කළේය.

කොටි ම්ලේච්ඡත්වයේ ඉතිහාසය අපි මතක් කරලා දෙන්නම්. අපේ සිංහලයන්ගේ කැඩුණු මානව හිමිකම් නැවත නගාසිටුවන්න කටයුතු කරන්නේ කවුද? එදා මෙන් අදත් ඉරේකලා, සුලෝචනාලා වැනි පාසල් දරුවො වගේම ත්‍රස්තවාදී ප්‍රහාරයන්ගෙන් මියැදුණු සෑම අහිංසක රට වැසියෙක් වෙනුවෙන්ම ඔවුන්ගේ අයිතිවාසිකම් සහ අනාගත දරු පරපුර වෙනුවෙන් අපි කැපවී සිටිනවා. ඒ කැපවීම සිහිගන්වමින් අඳුරු ඉතිහාසයේ එවැනි සිදුවීම් සිදු වූ කාලවකවානු ආවර්ජනය කරමින් නැවතත් ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය වීදි බසින බව බස්නාහිර පළාත් සභා අපේක්ෂක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පවසයි.

The Editor

Previous story Next story

Leave a comment

t

o

p