කෝප් කමිටුවේ නිර්දේශවලට එකඟවීම පාර්ලිමේන්තුවේ වගකිමක්

October 30, 2016

මහ බැංකු බැදුම්කර සිද්ධියට අදාළව කෝප් කමිටුව ඉදිරිපත් කළ වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන් වන ඉදිරි පියවර නිර්දේශ කිරිම සඳහා නිතිපතිවරයා වෙත යොමු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි පෙරේදා (27) ප්‍රකාශ කළේය.
බදුම්කර ගණුදෙනුවට අදාළව වාර්තාව සුනිල් හදුන්නෙත්ති මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමෙන් පසුව අදහස් දැක්වූ අගමැතිවරයා මෙසේද කීය.
කෝප් කමිටුවේ නිර්දේශවලට එකඟවීම පාර්ලිමේන්තුවේ වගකිමක්. වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට හැකිවිම පාර්ලිමේන්තුව ලද ජයග්‍රහණයක්. මේ වාර්තාව අය වැයට කලින් ඉරිපත් කිරිම අපි එකඟ වුනා. කෝප් සභාපතිතුමා පිළිබඳ අපට සම්පූර්ණ විශ්වාසයක් තියෙනවා. ඒ අනුව කණ්ඩායමක් නිර්දේශ ගෙනැත් තිබෙනවා
අපි අධික්ෂණ කාරක සභා ක්‍රමයට යද්දි  වාර්තාවේ සියලූ දේ ඇතුළත් වෙනවාද කියා සැලකිය යුතුයි. එයයි විය යුත්තේ. මේ සභාවේදි අපි ඉදිරියේදි කරන්නේ මොනවද කොහොම ද කියලා. අද මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා යටතේ යහපාලන ආණ්ඩුවට හැකි වුනා මේ කටයුත්ත කරන්න.
(ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ඝෝෂා කරමින් බාධා කරයි.)
මම පාසැල් යන කාලයේ කියවූවා ගුණදාස අමරසේකර මහතාගේ  ර්‍ණයළි උපන්නෙමි” පොත. මේ කෑ ගහන අය දැක්කම  ර්‍ණයළි ඉපදිලා” යළි උපන් අයට දැන් තමයි යහපාලනය මතක් වෙලා තියෙන්නේ. අපි හැමදාම සටන් කළේ මූල්‍ය බලය පාර්ලිමේන්තුවට ලබා ගන්නයි. එදා ඒක තමුන්නානසේලා ප්‍රතික්ෂේප කලා.
අද මෙම වාර්තාව එන්නේ මම යටතේ තියෙන ආයතනයටයි. ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. අපි ඉස්සෙල්ලා මේක මුද්‍රණය කරමු. ඊට පස්සේ විවාද කරමු. ඒත් එක්කම නිතිපතිතුමාට යවමු. කොහොමත් මහ බැංකුවේ තියෙන ප්‍රශ්න ගණනාවක අත්පොතක් මම නිතිපතිට යවලා තියෙනවා. ඊට පස්සේ නිතිපතිතුමාගේ උපදෙස් මත කටයුතු කරමු.
(ඒකාබද්ධ විපක්ෂයේ බාධා කිරිම්)
ඇයි ඔබතුමා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාව පිළිගන්නේ නැද්ද? දැන්වත් ඇයි පිළිගන්නේ නැත්තේ? ඇත්ත වශයෙන්ම නියෝජ්‍ය කතානායකතුමා මේ ග්‍රික් බොන්ඩ් එක හොයාගත්තා නම් අද මේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. කවුද ග්‍රික බොන්ඩ් එක හොයා ගත්තේ.
අපි මේ රටේ හම්බන්තොට වරායෙන් මේ රටේ ජනතාවට රුපියල් බිලියන 147 ක් බේරලා දෙනවා නම් මෙතන නිතිපතිතුමා කියනවා නම් ඒකත් හොයලා දෙන්න කියලා අපි ඒකත් කරනවා.
නියෝජ්‍ය කතානායක – සභානායකතුමා වාර්තාව මුද්‍රණය කරනවාද
සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා – මේ වාර්තාව මුද්‍රණය කළ යුතු බවට යෝජනා කරනවා.
නියෝජ්‍ය කතානායක – වාර්තාව ලැබෙන පළමු අවස්ථාවේදීම එය වෙබ් අඩවියට ඉදිරිපත් කරන ලෙසත් ඊළග පාර්ලිමේන්තු දිනයට පෙර සියලූ මන්ත්‍රීවරුන්ට එහි මුඬිත වාර්තා ලැබෙන්න සලස්වන ලසෙත් දැනුම් දෙනවා.
වීරකුමාර දිසානායක මහතා – මාධ්‍ය වාර්තා කර තිබුණා මේ වෙද්දි අර්ජුන මහේන්ද්‍රන් මහතා රටින් පිටව ගිහින් කියලා. අගමැතිතුමනි ඒක ඇත්තද නැතිද
අගමැති – ගිය සතියේ මට එතුමා කිව්වා විවාහ මංගල උත්සවයකට ගිහින් එනවා කියලා. උදයංග වීරතුංග වගේ පැනලා ගිහින් නැහැ.
දිනේෂ් ගුණවර්ධන මහතා – විරුද්ධ පක්ෂය ඉල්ලා සිටිනවා මේ කෝප් වාර්තාව සම්බන්ධයෙන් සම්පූර්ණ දිනක විවාදයක් දෙන්න කියලා. මෙය ලංකාවේ සිදුවූ විශාල වංචාව. අය වැයට පෙර විශේෂ විවාදය දෙන්න කියලා ඉල්ලනවා.
සභානායක – පක්ෂ නායක රැස්විමේදි දිනයක් දෙන්නම් අපි විවාදයට බය නැහැ. පහුගිය ආණ්ඩුව කෝප් වාර්තා තිහක් කුණු බක්කියට දැම්මා. සභාපතිවරු අයින් කලා. කෝ විවාද ඒවා අමතක ද

t

o

p