අර්ජුන මහේන්ද්‍රන්ගෙන් අලාභය අය කර ගත යුතුයි

October 30, 2016

ශ්‍රී ලංකා මහ බැංකු බැදුම්කර නිකුත් කිරිමේ ගණුදෙනුවට හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා හා පරිපචුවල් ටේ‍රසරිස් සමාගම වගකිව යුතු බැවින් ඔවුන්ගෙන් එම අලාභය අය කර ගැනිමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව නිර්දේශ කර ඇත.
එසේම හිටපු මහ බැංකු අධිපතිවරයාට අමතරව මෙම ගණුදෙනුවට සම්බන්ධ මහ බැංකුවේ නිලධාරින්ට හා සෙසු ආයතනයන්ට එරෙහිව නිතිමය පියවර ගත යුතු බවට නිර්දේශ කිරිමටත්, මහජනතාවට සිදුව ඇති අලාබය හෝ පාඩුව අදාළ ආයතන හා පුද්ගලයන්ගෙන් අය කර ගැනිම අවශ්‍ය අධිකරණමය ක්‍රියාමාර්ග ත යුතු බවද කාරක සබාව නිර්දේශ කරයි.
නිර්දේශිත දණ්ඩනයන් හෝ වෙනත් නියමයන් අවශ්‍ය අයුරින්ම ක්‍රියාත්මක වන බව සොයා බැලිමටත් පසු විපරම් කිරිමටත්, මෙවැනි දේ මින් ඉදිරියට සිදු නොවිම සඳහා ගත යුතු සියලූ පියවරයන් ක්‍රියාත්මක කිරිම සඳහාත්, මහ බැංකුව නිසි පරිදි මෙම ගණුදෙනු කරනවාදැයි සොයා බැලිම සඳහා පාර්ලිමේන්තුව මැදිහත් විය යුතු බවටත් කමිටුව නිර්දේශ කරයි.
2015 පෙබරවාරි මස සිට 2016 මැයි මස දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරන ලද භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවලදි සිදුවී ඇති මූල්‍ය අක්‍රමිකතා සොයා බැලිමේ විශේෂ කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එහි ඇති නිර්දේශ පහලොව තුළ මේ බව සඳහන්වේ.
මෙම කාරක සභාවේ සාමාජිකයන් 15 දෙනෙකු කාරක සභාවේ පාද සටහන් නොමැති වාර්තාවට එකඟ වී ඇති අතර මන්ත්‍රීවරුන් 09 දෙනෙකු පාද සටහන් සහිත වාර්තාවට එකඟ වූ බව කෝප් කමිටුවේ වාර්තාව ඉදිරිපත් කරමින් සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය.
2015-2016 යන වසර දෙක තුළදී ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදුකරන ලද බැදුම්කර නිකුත් කිරිම්වලදී පරික්ෂාවට භාජනය කළ 2015 පෙබරවාරි 27 දින ගණුදෙනුවේ දී එවකට මහ බැංකු අධිපතිව සිටි අර්ජුන මෙහේන්ද්‍රන් මහතා මැදිහත්විමක් හෝ බලපෑමක් සිදු කළ බවට සාධාරණ සැකයක් ඇතිවිය හැකි ආකාරයේ සාක්ෂි හා කරුණු කාරක සබාව ඉදිරියේ හෙළි වි ඇත.
කාරක සභාව විසින් කරන ලද පරික්ෂණ හා සාක්ෂි විභාග කිරිම්වලදී ඇතැම් ගණුදෙනුවල උපරිම පාරදෘෂ්‍යභාවය නොමැති බවද, එහිදි කටයුතු කළ ආකාරයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්වසනීයත්වය පලූදු වී ඇති බවද සාධාරණ සැකයක් ඇතිවිය හැකි ආකාරයේ සාක්ෂි හා කරුණු හෙලි දරම් වී ඇති බවද එම නිරික්ෂණවල ඇතුළත්ය.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව තුළ සහ ඊට ආනුෂංගික අනෙකුත් ආයතන තුළ සුදුසු යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වීම එම ආයතන විසින් පාර්ලිමේන්තුවට සහතික විය යුතු බවද නිර්දේශ කරයි. රටේ මුල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා වගකිව යුතු ප්‍රධානතම ආයතනය වන ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය ටෙන්ඩර් නිකුත් කිරිම හා ප්‍රදානය කිරිම්වලදී ඒ පිළිබඳව කටයුතු අධික්ෂණය කිරිම සඳහාත්, අවශ්‍ය සියලූ පසු විපරම් කිරිම සඳහාත් විධායකය මගින් විශේෂ නිර්ක්ෂණ කණ්ඩායමක් වහා පත් කළ යුතු බවටද මෙම නිර්දේශවල ඇතුළත්ය.
මෙම ප්‍රශ්නගත බැදුම්කර ගණුදෙනුවට සම්බන්ධ පර්පෙචුවල් ටේ‍රෂරිස් ආයතනය ප්‍රාථමික ඝනුදෙනුකරුවෙකු ලෙස ඉතා කෙටි කාලයක් තුළ අධික ලාභයක් උපයා ඇති අතර ඔවුන්ගේ කටයුතු හරහා මහ බැංකුවට හා රජයට මුල්‍යමය පාටුවක් සිදුවී ඇතිදැයි ඉතා කිඩිනමින් අනාවරණය කර ගැනිම මහ බැංකුවේ වගකිමක් ලෙස කරක සභාව තරයේ විශ්වාස කරන බවද මෙමගින් නිර්දේශ කරයි.
මේ දක්වා යාවත්කාලින නොකරන ලද රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තු මෙහෙයුම් අත්පොත වහාම යාවත්කාලින කළ යුතු බවටද නිර්දේශ කරයි.
මෙම නිර්දේශ ඉක්මණින් ක්‍රියාත්මක කරන ලෙසද පොදු ව්‍යාපාර කාරක සබාවේ සභාපතිවරයා ඉල්ලා සිටියේය.

t

o

p