චිනයට ගෙවිමට තිබු රුපියල් බිලියනයක මුදලක් රටට ඉතිරි කර ගන්න පුලුවන් වුනා

October 30, 2016

හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපොලට ලබාගත් අති විශාල ණය හිලව් කිරිමේ ක්‍රමවේදයක් වෙනුවෙන් චින රජය කැමැත්ත පළ කිරිම හේතුවෙන් ණය වෙනුවෙන් ගෙවිමට තිබු රුපියල් බිලියනයක මුදලක් රටට ඉතිරි කර ගැනිමට හැකි වූ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (27) ප්‍රකාශ කළේය.
රජයේ දින 1500 ක ආර්ථික සැලැස්ම රටට ඉදිරිපත් කරමින් අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය. තිරසර සංවර්ධනය, ව්‍යපාරික අංශයේ ප්‍රමුඛතා, ඩිජිටල් ආර්ථිකය, රජයට හිමි ව්‍යාපාර ප්‍රතිසංස්කරණය, මූල්‍යමය අන්තර්ග්‍රහණය, සංචාරක, කෘෂි කර්මාන්තය හා ධිවර කර්මාන්තය නවීකරණය කිරිම, ජාතික කෘෂිකර්ම අලෙවිකරණ අධිකාරිය, මානව සම්පත් වැඩි දියුණු කිරිම, ආර්ථික සහ පාලනයේ කාන්තා සහභාගීත්වය වැඩි කිරිම, ක්‍රිඩා හා විනෝදාස්වාදය සඳහා යටිතල පහසුකම්, අධ්‍යාපනය, පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන ප්‍රවර්ධනය කිරිම, රැකි රක්ෂා, නිවාස යන ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් වන ඉදිරි දැක්ම අගමැතිවරයා ඉදිරිපත් කළේය.
ෙඅප බොහෝ දෙනෙක් සිතුවේ හම්බන්තොට වරායට සහ මත්තල ගුවන් තොටුපොළට ලබාගත් අති විශාල ණය ප්‍රමාණය අපේ ඉදිරි පරම්පරාවලට ගෙවන්නට සිදුවනු ඇතැයි කියායි. මේ ණය ගත්ත අයත් සැලසුම් කරලා තිබුණේ එහෙමයි. ඒත් අපි මේ තත්වය වෙනස් කරන්න මහන්සි වුණා. මේ ණය හිලව් කිරීමට හිමිකාරීත්වයේ කොටස් ලබාදෙන ක්‍රමවේදයක් හම්බන්තොට වරායට සහ මත්තල ගුවන් තොටුපොළ වෙනුවෙන් අප සකස් කළා. ඒ දෙකම රාජ්‍ය – පුද්ගලික හවුල් ව්‍යාපාර සේ පවත්වාගෙන යාමට ඒ ඔස්සේ අවකාශ ලැබෙනවාෙ යැයිද අගමැතිවරයා කීවේය.
ඒ අනුව චීන සමාගම් මේ ක්‍රමවේදය යටතේ වරාය සහ ගුවන්තොටුපොල සංවර්ධනය කරන්නට දැඩි උනන්දුවක් දක්වනවා යැයිද රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
වරාය හා ගුවන් තොටුපොළ වෙනුවෙන් ගෙවන්නට ඇති ඉතිරි ණය පියවන්නට අපට ශක්තිය තියෙනවා. ඒ නිසා හම්බන්තොට වරායේ සහ ගුවන් තොටුපලේ ණය අපේ දරුවන් පිට පැටවෙන්නේ නැති බවට සහතික විය හැකියි. ඒ වගේම හම්බන්තොට ජාත්‍යන්තර ගුවන් සහ නාවුක සේවා කේන්ද්‍රයක් බවට පත් වීමේ වාසිය ද අපට ඉතිරි වෙනවා යැයිද අගමැතිවරයා තවදුරටත් කීවේය.

t

o

p