මත ගැටුම විසඳන්න රනිල් මැදිහත් වෙයි

October 24, 2016

ආණ්ඩුව සහ සිවිල් සංවිධාන නියෝජිතයන් අතර හටගෙන තිබෙන මත ගැටුම නිරාකරණය කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ ඉදිරි දින දෙක ඇතුළත මැදිහත්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා ක්‍රියාකළ සිවිල් සංවිධාන හා ආණ්ඩුව අතර යළි සමීප සම්බන්ධතාව ඇති කර ගැනීම සඳහා අගමැතිවරයා සෙනසුරාදා දිනයේ සිටම කටයුතු ආරම්භ කර තිබේ.

‍පොදු අපේක්ෂක ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් කිරීම හා ආණ්ඩුව බලයට ගෙන ඒමටත් ක්‍රියා කළ සියලු සිවිල් සංවිධාන නියෝජිතයන් ඉදිරි දින දෙක තුළදී අගමැති රනිල් වික්‍රමසිංහ පෞද්ගලිකව හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.

ඉන්පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී එම ගැටලුව නිරාකරණය කර ගනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

t

o

p