ලාංකික සරණාගතයින් 25ක් දිවයිනට

October 23, 2016

තමිල්නාඩුවේ සරණාගත කඳවුරුවල රැඳී සිටි ශ්‍රී ලාංකික සරණාගතයින් 25 දෙනෙකු ලබන අගහරුවාදා දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාංශයේ මැදිහත්වීමෙන් අදාළ පිරිස මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මකය.

අදාළ පිරිස මන්නාරම, ත්‍රිකුණාමලය, වව්නියාව, මාතලේ සහ කිළිනොච්චිය යන ප්‍රදේශවල මුල් පදිංචිකරුවන් බව වාර්තා වෙයි.

t

o

p