පොලිසිය සීරුවෙන් තැබූවේ කාගේ උවමනාවකටදැයි ජනාධිපතිවරයා විමසයි

October 14, 2016

බස්නාහිර පළාත තුළ පොලිසිය සීරුවෙන් තැබුවේ මන්දැයි වහාම දැනුවත් කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කර ඇත.

හදිසි තත්ත්වයක් සේ පොලිසිය සිරුවෙන් තැබිමට තරම් දෙයක් නොමැති අවස්ථාවකදී මෙලෙස පොලිසිය සීරුවෙන් තැබුවේ මන්දැයි තමට දැනුම් දෙන ලෙස ජනාධිපතිවරයා නියම කර තිබේ.

ජනාධිපතිවරයා, අගමැතිවරයා හෝ නිතිය භාර ඇමතිවරයා නියෝග කර නොමැති තත්ත්වයක දී කාගේ උවමනාවක් මත පොලිසිය මෙසේ සීරුවෙන් තැබුවේදැයි ජනාධිපතිවරයා ප්‍රශ්න කර ඇත.

ඉකුත් 13 දා දහවල් 12.00 සිට බස්නාහිර පළාත තුළ පොලිසිය සීරුවෙන් තබන ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුනසිංහ මහතා විසින් සියලූ පොලිස් ස්ථාන වෙත මෙම නියෝගය නිකුත් කර තිබේ.

පොලිසිය සීරුවෙන් තැබුවේ වරෙන්තුකරුවන් හා අපරාධකරුවන් ඇල්ලිමේ මෙහෙයුමක් ලෙස බව පොලිසිය ප්‍රකාශ කළද එවන් අවස්ථාවක පොලිසිය සීරුවෙන් තැබිය යුතුද යන්න පවා ජනාධිපතිවරයා විමසා ඇතැයි දැනගන්නට තිබේ.

t

o

p