ජනාධිපතිගේ සැර කතාවට හේතුව මෙන්න

October 14, 2016

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් එෆ්.සි.අයි.ඩි ය, සී.අයි.ඩි ය සහ අල්ලස් කොමිසම විවේචනය කිරිමට ප්‍රධාන වශයෙන් මුලික වී ඇත්තේ ජාතික පුවත් පතක මාධ්‍යවේදියෙකු සහ ජනාධිපති සම්බන්ධිකරණ ලේකම්වරයෙකු ලබා දුන් වැරදි තොරතුරු හේතුවෙන් බව මේ වන විට හෙළි දරව් වී තිබේ.

ජනාධිපතිවරයාගේ පුත්‍රයා රාත්‍රි සමාජ ශාලාවක ගැටුමකට සම්බන්ධ වූ බවට සමාජ ජාලා වෙබ් අඩෙවි මගින් ගෙන ගිය ප්‍රචාරයට එක්සත් ජාතික පක්ෂය මෙන්ම එහි නායකයා ද සම්බන්ධ බවට මෙම පිරිස් විසින් ජනාධිපතිවරයාට ප්‍රකාශ කර ඇත.

තායිලන්ත සංචාරයක නිරතව සිටි ජනාධිපතිවරයා සමඟ සිටි ජාතික පුවත් පතක මාධ්‍යවේදියෙක් මේ කාරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට දීර්ඝ ලෙස කරුණු කියා ඇතැයිද දැන ගන්නට තිබේ. ලංකාවට පැමිණි පසු සම්බන්ධිකරණ ලේකම්වරයා ද ජනාධිපතිවරයාට අගමැතිවරයා හා ඔහුගේ ගෝලයන් මෙම ප්‍රවෘතියට වැඩි ප්‍රචාරයක් දෙන බව කියා ඇත.

එසේම ඊට පෙර සතිවලදි පොලිසිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දුන් නියෝග පොලිසිය පිළි නොගන්නේද මේ හේතුවෙ නිසාවෙන්ද බවද ඔවුන් දෙපල පෙන්වා දි තිබේ. එසේම මේ දෙදෙනා විසින් ජනාධිපතිවරයා ප්‍රකාශය කිරිමට මත්තෙන් සිය හිත මිතුරන් හා ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරයා අද රිදෙන්න කතාවක් කරනා බවය.

කෙසේ නමුත් 13 දා දිනය පුරා පැවැති සාකච්ඡාවලින් පසුව තත්ත්වය සමතයකට පත් ව ඇති බව ද දැන ගන්නට තිබේ.

t

o

p