සැම්සුන්ග් Galaxy Note 7 ට නරක කලදසාවක්

September 3, 2016

සැම්සුන්ග් විසින් නොබෝදා එළිදක්වන ලද සිය නවතම ස්මාර්ට් ජංගම දුරකතන මාදිලිය වූ Galaxy Note 7 යළි කැඳවීමට සමාගම විසින් තීරණය කර තිබේ. මෙම දුරකතන මාදිලිය, බැටරි ආරෝපණයේ දී හෝ ඉන් අනතුරුව, බැටරිය පිපිරීමකට ලක් වූ සිද්ධි කිහිපයක්ම වාර්තා වී තිබීම මීට හේතුවයි. ඇමරිකා එක්සත් ජනපදය හා දකුණු කොරියාව තුළින් මෙයාකාරයේ දුරකතන පුපුරා යාමේ සිදුවීම් වාර්තා වී තිබේ.

මෙම තත්ත්වය තුළ ලොව පුරා දුනටමත් අලෙවි කර ඇති සියලූම් සැම්සුන්ග් Galaxy Note 7 ස්මාර්ට් ජංගම දුරකතන ඒකක යළි කැඳවීමට සමාගම විසින් පියවර ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් සැම්සුන්ග් සමාගම කියා සිටින්නේ සැම්සුන්ග් Galaxy Note 7 පාරිභෝගිකයෙකු හට සිය ස්මාර්ට් දුරකතනය අදාළ නියෝජිතයා වෙත භාර දීමෙන් නව දුරකතනයකට හුවමාරු කර ගැනීමට හෝ නැවත මුදල් ලබා ගැනීමට හැකි බවයි.

ශ්‍රී ලංකාවේ සැම්සුන්ග් ස්මාර්ට් ජංගම දුරකතන සඳහා බලයලත් වෙළෙඳ නියෝජිත ආයතන කිහිපයකින්ම මේ සම්බන්ධයෙන් අද දෙරණ Biz විමසීමක් කළ අතර එහිදී ජෝන් කීල්ස් ඔෆිස් ඔටෝමේෂන් සමාගමේ ප්‍රකාශකයෙකු කියා සිටියේ මෙය සැම්සුන්ග් සමාගම විසින් ගෝලීය වශයෙන් ගත් තීරණයක් බවත්, ඒ අනුව කටයුතු කිරීමට තම ආයතනය අවශ්‍ය පියවර ගෙන තිබෙන බවත්ය.

මේ අතර මෙරට ප්‍රමුඛතම ඉ-වාණිජ්‍ය සමාගමක් වන Takas.lk විසින්, තමන්ගෙන් මිල දී ගනු ලැබූ සැම්සුන්ග් Galaxy Note 7 ස්මාර්ට් ජංගම දුරකතන සඳහා සම්පූර්ණ මුදල් නැවත ලබා දීමක් සිදුකරනු ලබන බව දැනුම් දී තිබේ. එසේම මෙම ස්මාර්ට් දුරකතය වහාම නතර කරන ලෙස ද එමඟින් අවධාරණය කර ඇත. Takas.lk හි ප්‍රධාන විධායක නිලධාරී ලහිරු පත්මලාල් අද දෙරණ Biz සමඟ අදහස් දක්වමින් කියා සිටියේ ගෝලීය සමාගම විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගය, තම ආයතනය විසින් දැනටමත් ක්‍රියාවට නංවා ඇති බවයි. Takas.lk විසින් සිය පාරිභෝගිකයින් හට ෆේස්බුක් හරහා කළ දැනුම් දීම පහත දැක්වේ.

සැම්සුන්ග් Galaxy Note 7 ස්මාර්ට් ජංගම දුරකතනය ලොව පළමු වරට හඳුන්වා දෙන ලද්දේ පසුගිය අගෝස්තු 09 වැනිදාය. ශ්‍රී ලංකාවට මෙම ස්මාර්ට් දුරකතනය හඳුන්වා දීම ද එදින සිදුවූ අතර ඡායාරූපයෙන් දැක්වෙන්නේ එලෙස සැම්සුන්ග් Galaxy Note 7 ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් අවස්ථාවයි.

සැම්සුන්ග් සමාගම මෙම ස්මාර්ට් දුරකතනය හඳුන්වා දෙනු ලැබූයේ පූර්ණ ජල වාරක (Water Proof) ස්මාර්ට් දුරකතනයක් ලෙසිනි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p