ශ්‍රීලනිප ආසන සහ දිස්ත්‍රික් නව සංවිධායකවරුන් මෙන්න

August 18, 2016

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආසන සංවිධායකවරු හා දිස්ත්‍රික් සංවිධායකවරු 40 දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ තිබේ.

නව ආසන සංවිධායකවරු :-

කැස්බෑව ආසනය :- ගාමිණී ලොකුගේ සහ චන්දන කත්‍රිආරච්චි සංවිධායක ධුරයන් අවලංගු කර – චන්දන කත්‍රිආරච්චි මහතාට ආසනයේ ප්‍රධාන සංවිධායක ධූරය පිරිනැමීම.

මීරිගම ආසනය :- කෝකිලා ගුණවර්ධන සහ සංජය සිරිවර්ධනගේ සම සංවිධායක ධුරයන් අවලංගු කර – සංජය සිරිවර්ධනට ආසන සංවිධායක ධුරය පිරිනැමීම.

මීගමුව ආසනය :- සරත් කුමාර ගුණරත්න වෙනුවනට – ඩබ්. ඩී. ලලිත් ටෙන්සිල් මහතාට ආසන සංවිධායක ධුරය පිරිනැමීම.

දිවුලපිටිය ආසනය :- චන්දන ජයකොඩි මහතාගේ සහ උපේක්ෂ ස්වර්ණමාලී මහත්මියගේ සම සංවිධායක ධූරයන් අවලංගු කර – චන්දන ජයකොඩි මහතාට ආසනයේ ප්‍රධාන සංවිධායක ධුරය පිරිනැමීම.

කළුතර ආසනය :- රෝහිත අබේගුණවර්ධන මහතාගේ සහ සුමිත් ලාල් මෙන්ඩිස් මහතාගේ සම සංවිධායක ධූරයන් අවලංගු කර – සුමිත් ලාල් මෙන්ඩිස් මහතාට ආසනයේ ප්‍රධාන සංවිධායක ධුරය පිරිනැමීම.

බේරුවල ආසනය :- දැනට පුරප්පාඩු වී තිබෙන ආසන සංවිධායක ධුරය සඳහා – එම්.එම්.එම්. අම්ජිඩ් මහතා පත් කිරීම.
වැලිගම ආසනය :- මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ධුරය අවලංගු කර – හේමාල් ගුණසේකර මහතාට සංවිධායක ධූරය පිරිනැමීම.

බෙලිඅත්ත ආසනය :- දැනට පුරප්පාඩුව පවතින ආසන සංවිධායක ධුරය සඳහා – එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පත් කිරීම.

කුණ්ඩසාලේ ආසනය :- කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ධුරය අවලංගු කර – සුනිල් කිත්සිරි අමරතුංග මහතා පත් කිරීම.

වලපනේ ආසනය :- සී.බී. රත්නායක මහතාගේ ධුරය අවලංගු කර – ජගත් කුමාර සමරසේවා මහතා පත් කිරීම.

ඇහැළියගොඩ ආසනය :- පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ධුරය අවලංගු කර – සරත් දසනායක මහතා පත් කිරීම.

කෑගල්ල ආසනය :- ජගත් බාලසූරිය මහතාගේ ධූරය අවලංගු කර – ආනන්ද මිල්ලන් ගොඩ මහතා පත් කිරීම.
උව පරණගම ආසනය :- ඒ.එම්. බුද්ධදාස මහතාගේ ධූරය අවලංගු කර – ඩී. එම්. පී. ඒ. දසනායක මහතා පත් කිරීම.

හපුතලේ ආසනය :- සුමිත් සමයදාස මහතාගේ සහ උදිත ලොකුබණ්ඩාර මහතාගේ සම සංවිධායක ධූරයන් අවලංගු කර – සුමිත් සමයදාස මහතාට ආසනයේ ප්‍රධාන සංවිධායක ධුරය පිරිනැමීම.

වවුනියාව ආසනය :- පී. සුමතිපාල මහතාගේ සහ ධර්මපාල සෙනෙවිරත්න මහතාගේ සම සංවිධායක ධූරයන් අවලංගු කර – ව්වුනියාව සිංහල ජන ප්‍රදේශයන්හි සංවිධාන කටයුතු සඳහා පී. සුමතිපාල මහතා සහ එහි සෙසු ප්‍රදේශවල සංවිධාන කටයුතු සඳහා කේ. කාදර් මස්තාන් මහතා පත් කිරීම.

නව දිස්ත්‍රික් සංවිධායකවරු :-

කොළඹ දිස්ත්‍රික්කය 

හුසෙයින් මන්සිල් මහතා (කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී)
නීතිඥ රජික කොඩිතුවක්කු මහතා (කොළඹ මහ නරගසභාවේ හිටපු නාගරික මන්ත්‍රී)
අනුර අතුකෝරල  මහතා (බොරලැස්ගමුව නගර සභාවේ හිටපු උප සභාපති )
විදුර බාලසූරිය මහතා

ගම්පහ දිස්ත්‍රික්කය 

ලලිත් වනිගරත්න මහතා (බස්නාහිර පළාත් සභා අමාත්‍ය)
අජිත් බස්නායක මහතා (ගම්පහ මහ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති)

කළුතර දිස්ත්‍රික්කය 
සුමිත්‍රා ප්‍රියංගනී අබේධීර මහත්මිය
හසිත ගුණවර්ධන මහතා

මාතර දිස්ත්‍රික්කය
රාජ් චන්ද්‍රලාල් මහතා (මාතර මහ නරග සභාවේ හිටපු නාගරික මන්ත්‍රී)

හම්බන්තොට දිස්ත්‍රික්කය  
එච්.ඩබ්. ගුණසේන මහතා (දකුණු පළාත් සභා අමාත්‍ය)

මහනුවර දිස්ත්‍රික්කය 
බන්දුල සෙනෙවිරත්න මහතා (උඩුනුවර ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති)

නුවරඑළිය දිස්ත්‍රික්කය 
ශ්‍රීලා යාපා මහත්මිය
වෛද්‍ය චුල්ල ජයන්ත ධර්මප්‍රිය මහතා
ඊබට් පෙරේරා මහතා
රොෂාන් ගුණවර්ධන මහතා
පී.පී. ප්‍රදීපන් මහතා

කෑගල්ල දිස්ත්‍රික්කය 
එස්. රවී කුමාර් මහතා
අතුල රත්නායක මහතා
ෆාරුක් අබ්දුල් ලතීෆ් මහතා

බදුල්ල දිස්ත්‍රික්කය 
ජේ.එම්. ගුණතිලක මහතා
ජයසිරි ප්‍රේමදාස මහතා

පුත්තලම දිස්ත්‍රික්කය 
ඉන්ද්‍රානි දසනායක මහතා

අනුරාධපුර දිස්ත්‍රික්කය 
නීතිඥ ප්‍රේමසිරි හෙට්ටිආරච්චි මහතා

වවුනියාව දිස්ත්‍රික්කය 
චමින්ද වාසල මහතා

Sammy

Previous story Next story

Leave a comment

t

o

p