යහපාලන රජයේ පළමු සැමරුම මාතරදී මෙම සිකුරාදා

August 16, 2016

යහපාලනය සඳහා වන ජාතික රජයේ ප්‍රථම සංවත්සර සැමරුම් උළෙල මාතර උයන්වත්ත ක්‍රිඩාංගණයේදී ලබන සිකුරාදා (19) පැවැත්වේ.
ජනාධිපති මෛත්‍රිපල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් මාතර සනත් ජයසූරිය ක්‍රිඩාංගණයේදී එදින සවස 3.00 ට ආරම්භ වන යහපාලනය සඳහා වන ජාතික රජයේ පළමු සැමරුම් උළෙල සංවිධානය කරන්නේ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විසිනි.
යහපාලනය සඳහා වන ජාතික රජය විසින් ගෙවුනු වසරක කාලය ඇතුළත රටටත්, ජනතාවටත් දින් දුන් දේ විචිත්‍රවත් ලෙස පිළිබිඹු වන ආකාරයට පළමු සංවත්සර සැමරුම් උළෙල සංවිධානය කිරිමට පියවර ගෙන තිබේ.
යහපාලනය සඳහා වන ජාතික රජයේ සිටින එක්සත් ජාතික පක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හා අනෙකුත් සියලූ දේශපාලන පක්ෂවල මැති ඇමතිවරුන් ද පළමු සංවත්සර උළෙලට මාතර උයන්වත්ත ක්‍රිඩාංගණයට පැමිණිමද විශේෂත්වයකි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p