එක්සත් ජාතික පක්ෂය පරිගණක ගත වෙයි

August 16, 2016

හැත්තෑවෙනි සංවත්සරයත් සමඟම එක්සත් ජාතික පක්ෂයේ සියලූ කටයුතු සම්පූර්ණයෙන්ම පරිගණක ගත කෙරේ.
ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක කටයුතු මුළුමණින්ම පරිගණක ගත කරන පළමු අවස්ථාව වන්නේය. අසියානු පැසිපික් කලාපයේ දේශපාලන පක්ෂ අතරින් මුළුමණින්ම පරිගණක ගත වන දේශපාලන පක්ෂය ද එක්සත් ජාතික පක්ෂයයි.
ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ (B.J.P ) කටයුතු මීට පෙර සම්පූර්ණයෙන්ස පරිගණක ගත කිරීමට පියවර ගැනින.
ජනාධිපති මෛත්‍රිපල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හා එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ හැත්තෑ වන සංවත්සරය සැප්තැම්බර් මස 10 වන දින කොළඹ කැම්බල් පිටියේදී පැවැත්වේ.
මෙරට දේශපාලන පක්ෂයක සංවත්සරයක් සඳහා සහභාගී වන වැඩිම පිරිසගේ සහභාගිත්වයෙන් එක්සත් ජාතික පක්ෂ සංවත්සරය පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන බලකායේ අධ්‍යක්ෂ ජනරාල් සුදත් චන්ද්‍රසේකර මහතා ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂ 70 වන සංවත්සරයෙන් පසු සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ කටයුතු ද මුළුමනින්ම පරිගණක ගත කෙරේ.
ඇමරිකා එක්සත් ජනපදයේ ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් පක්ෂද, මහා බ්‍රිතාන්‍යයේ කන්සවේටිව් පක්ෂයද, චීනයේ කොමියුනිස්ට් පක්ෂයද ආදි ලෝක දේශපාලන පක්ෂ ක්‍රියාකරන ආකාරයට 70 වෙනි සංවත්සරයේ සිට එක්සත් ජාතික පක්ෂයද කටයුතු කරන බව සුදත් චන්ද්‍රසේකර මහතා වැඩිදුරටත් කීවේය.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p