කුවේට්හි නීති විරෝධී ලෙස රැඳී සිටි 71 දෙනෙකු යළි දිවයිනට…

August 15, 2016

කුවේට් රාජ්‍යයේ නීති විරෝධී අයුරින් රැඳී සිටි ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් 71 දෙනෙකු විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් මත ඊයේ (14) ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ඹඛ 230 දරණ යානයෙන් දිවයිනට පැමිණියහ. මෙම පිරිස කුවේට් හි වසර 6,5,4 වශයෙන් රැඳී සිට ඇති අතර, නීති විරෝධී අයුරින් රැඳී සිටි අය වෙති. මෙම පිරිස පිරිමි පුද්ගලයින් 9ක් හා කාන්තාවන් 62 ක ගෙන් සමන්විත වේ. මොවුන් සේවා ගිවිසුම කඩ කරමින් මෙසේ වසර ගණනාවක් කුවේට් හි රැඳී සිට ඇති අතර, ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය කරන පහසුකම් කුවේට් තානාපති කාර්යාලය විසින් සලසා දී තිබේ.
තලතා අතුකෝරළ මහත්මිය පසුගියදා කුවේට් හි සිදුකල සංචාරය අතරතුර නීති විරෝධීව රැඳී සිටින පිරිස් හා සුරක්‍ෂා නිවාසවල සිටින පිරිස කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනිමට අවශ්‍ය කටයුතු කඩිනම් කරන ලෙස උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව මේ වසරේදී සුරක්‍ෂා නිවාසවල රැඳී 1151 දෙනෙකු ලංකාවට ගෙන්වාගෙන ඇති අතර, ඉන් 844 දෙනෙකු කුවේට් හී ශී‍්‍ර ලංකා තානාපති කාර්්‍යාලයේ සුරක්ෂාගාරයේ රැඳී සිටි 844 දෙනෙක් හා කුවේට් රාජ්‍ය මගින් පවත්වාගෙන යන සුරක්‍ෂා නිවාසයෙහි 229 දෙනෙක් මිට අයත් වේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p