ජ.නි.පෙ. මාධ්‍ය ලේකම් මුසම්මිල්ට ඇප

August 10, 2016

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහනයක් අවභාවිතා කිරිම සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා ඇප මත මුදා හැරිමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.

මොහොමඩ් මුසම්මිල් මහතාගේදරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සලකා බලා කොටුව මහේස්ත්‍රාත්වරිය මෙලෙස ඔහුට අද (10) ඇප නියම කර ඇත.

රුපියල් 25000ක මුදල් ඇපයක් හා රුපියල් දස ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කිරිමට ද නියම කළාය.

ඔහුට විරුද්ධව චෝදනා එල්ලවී තිබුණේ ජනාධිපති කාර්යාලය සතු වාහනයක් අවභාවිත කිරීමෙන් රජයේ පොදු දේපළට රුපියල් හැත්තෑ එක් ලක්ෂයක හානියක් සිදුකළැයි සම්බන්ධයෙනි.

පොදු දේපළ අවභාවිතය ඇප දිය නොහැකි වරදක් වුවත් සැකකරුගේ දරුවන්ගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය ඔහුට ඇප නියම කර තිබේ.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p