පාසල් නව නිපැයුම්කරුවෝ ජාත්‍යන්තරය හඹා යති..

August 8, 2016

දේශීය නව නිර්මාණකරුවන් දිරිගැන්වීම උදෙසා පිහිටුවා ඇති රාජ්‍ය ආයතනයක් වන ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම පාසල් නව නිර්මාණකරුවන් වෙනුවෙන් ජාත්‍යන්තර ෙදාරටු විවර කරලීමේ නවතම වැඩපිළිවෙලකට පියවර තබා ඇත.

එහි එක් සංධිස්ථානයක් වශයෙන්  “Innova Minds 2016” පාසල් රූපවාහිනී වැඩසටහන හා සම්බන්ධවෙමින් ජාතික තලයට පැමිණි සිසුන් ජාත්‍යන්තර තරඟ සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති අතර, සිසුන් සිවු දෙනෙකු ගෙන් සමන්විත පළමු කණ්ඩායම අගෝස්තු මස 08 සිට 10 දින දක්වා කොරියාවේ දී පැවැත්වීමට නියමිත  “Korea International Youth Olympiad – 2016” නව නිපැයුම් තරඟය සඳහා සහභාගී වීමට නියමිත ය. එම සිසුන් වන්නේ..

1.    එම්. ඒ. රවිශාන් විනුර බණ්ඩාර – අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය
2.    ඒ. නිපුන් අවිශ්ක ද සොයිසා – ගුරුකුල විද්‍යාලය, කැලණිය
3.    ජී. ගමිත චමෝද – ගුරුකුල විද්‍යාලය, කැලණිය
4.    ඒ. තමිඳු දුලංජන අධිකාරි – සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලය, හුණුමුල්ල

මෙම සිසුන් කණ්ඩායම සමඟ මාර්ගොපදේශ නිලධාරි වශයෙන් ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ පර්යේෂණ සහකාර නිලධාරියෙකු වන අශාන් මහානාම මහතා ද සහභාගී වීමට නියමිත ය.

තරඟයට සහභාගී වන සිසුන් වෙනුවෙන් පූර්ණ අනුග්‍රහය ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම විසින් ලබා දෙන අතර, ජාත්‍යන්තර නව නිපැයුම් තරඟ නියෝජනය කිරීමට සිසුන් වෙත උදා කර දී ඇති මෙම අගනා අවස්ථාව ඔවුන්ගේ අනාගතය ඵලදායී ලෙස වර්ණ ගැන්වීම උදෙසා වන සුවිශේෂී අත්දැකීමක් වනු ඇත.

ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ සෑම කටයුත්තකදීම මෙන්ම මෙම සුවිශේෂී කර්තව්‍යයේදී ද රේඛිය අමාත්‍යාංශයේ පෙරගමන්කරු වශයෙන් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය ගරු සුසිල් පේ‍ර්මජයන් මහතා වෙතින් ලද මඟ පෙන්වීම හා සහයෝගය අතිමහත් බව නව නිපැයුම්කරුවන්ගේ කොමිසම පවසයි.

d4

Sammy

Previous story Next story

Leave a comment

t

o

p