විජය නන්දසිරි දිවිසැරිය නිමාකරයි!

August 8, 2016

සම්මානනීය අග්‍රගණ්‍ය ප‍්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අද(08) පෙරවරුවේ හදිසි රෝගාතුර තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමේදී ඒ මහතා මිය ගිය බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ මහතාගේ දේහය මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර 1947 මැයි 6 දින උපත ලැබූ ඒ මහතා මිය යන විට 69 වන වියේ පසු වුණි.

මනමේ, සිංහබාහු, මහාසාර, කපුවා කපෝති, රත්නාවලී, නරිබෑණා, ආනන්ද ජවනිකා, ඇතුළු ප්‍රධාන වේදිකා නාට්‍ය 15 ක ඒ මහතා රංඟනයෙන් දායක වී තිබේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p