ඇසළ පෙරහැර හෙට සිට

August 7, 2016

ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය හෙට (08) ආරම්භ වීමට නියමිතය. ඒ අනුව ප්‍රථම කුඹල් පෙරහර වීදි සංචාරය කරනු ඇත.

පස්වරු 6.15 ට දේවාල පෙරහැර පිටත් වීමට නියමිත අතර දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, ඔස්සේ පන්සල පාරේ ඉහළට පැමිණ දේව වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, රජ වීදිය ඔස්සේ ඉහළටවිත් ගෙවදීමට නියමිතය.

හෙට සිට 12 වැනිදා දක්වා දින 05ක් කුඹල් පෙරහැර වීදි සංචාරය කරන අතර රන්දෝලි පෙරහැර ලබන 13දා ආරම්භ වේ.

අවසන් රන්දෝලි පෙරහැර 17දා නිකිණි පුර පසළොස්වක පෝදා වීදි සංචාරය කිරීමට නියමිතය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p