ලංකාව 281යි

August 4, 2016

ගාල්ලේදී අද ආරම්භ වූ ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරගයේදී පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 281ට සීමා කිරීමට ඔස්ට්‍රේලියාව සමත් විය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් යළිත් සාර්ථක පිතිහරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස් ලකුණු 86ක් ලබාගත් අතර ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 54ක්, කුසල් ජනිත් ලකුණු 49ක්, ධනංජය ද සිල්වා ලකුණු 37ක් වශයෙන් වැඩිම ලකුණු ලාභිහූ බවට පත්වූහ.

මිචෙල් ස්ටාක් ලකුණු 44ට කඩුළු 5ක් බිඳ දැමීමට සමත්විය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p