හත් පොලේ ගා ගත් අධ්‍යාපනය

July 31, 2016

එකිනෙතා තලා පෙලා, විනාශකරදමා, බලය තහවුුරුකර ගැනීම සදහා දේශපාලඥයා – දේශපාලඥයාට එරෙහිවද, සත්‍යලේඛන – කූඨ ලේඛනයෙන් වැසීයාමෙන්, දරුවා පාසලට ඇතුලත් කර නොගැනීම හෝ මූල්‍ය අවභාවිතය නිසා ගුරුවරයා, ආදි ශිෂ්‍යයන් සහ දෙමාපියන් ජාවාරම්කාර විදුහල්පතිවරයාට එරෙහිවද, ත්‍ක්‍ෂෘ , රහස් පොලිසිය, අධ්‍යාපන අමාත්‍යංශය, අල්ලස් කොමිසම සහ මානව හිමිකම් කොමිසමට යති. පැමිණිලි කරති. පෙත්සම් ලියති. පෙත්සම් ඉදිරිපත් කරති. සාධාරණයක් ඉටු නොවු තැන පරම්පරා ගණනාවකට බැණවදිමින් ආපසු පැමිණෙති. එම සර්ව සාධාරණය, මේ රටින් තුරන් වී ඇත්තේ බෝහෝ කලකට පෙරය, අමාත්‍යංශ වල නැතහොත් කොමිසම් සභා වල ලොකු ලොකු ඇත්තන්ට, දැන් කරන්නට සිදු වී ඇත්තේ කුඩු පට්ටම් වී ගිය සර්ව සාධාරණයේ කැබලි එකිනෙක අලවා, තමාට නිදහසේ කටයුතු කල හැකි අන්දමට අවශ්‍ය රාමුව ගොඩ නගා ගැනීමය.

එහෙත් , එය කල නොහැකිව ඇත්තේ තමාගේ දරුවා නැතහොත්, තමාගේ දරුවාගේ දරුවාද අදාල ජාවාරම්කාර විදුහල්පතිවරයා ලවාම පාසලට ඇතුළත් කර ගත යුතුම වන්නාවූූ හෙයිනි. පරාර්ථය, ස්වාර්ථය, මගින් යටපත් වන්නේ එලෙසිනි. කන්නන්ගර මැතිතුමාගේ නිදහස් අධ්‍යාපන උදාවෙන්, රටට දයාද වූ ලාංකීය දරුවෝ, ලොකු පුටුවෙහි බලසම්පන්නව අරක් ගත් බව සැබැවි. කාලාන්තරයක් තිස්සේම ඔවුන්ගේ‘‘කොළිටිය’’කාන්දු වී යාමෙන් බාල වී ඇති නිසාවෙන්ම, මළගෙදර නිදිවැරීමෙන් – පාරේ බොක්කු උඩ තැපීමෙන්–- අඩෝ පඩෝ භාෂාවෙන් කථා කිරීමෙන් උපදවා ගත් ජනප‍්‍රියතාවය නිසාම මන්ත‍්‍රීවරුවූ, දේශපාලනයේ මළපොත අකුර නොදන්නා දේශපාලඥයන්ගේ වහලූන් බවට පත්වීම නොවැළැක්විය හැකිය.

එසේ නොවන්නාවූ සොච්චමට අයත් වන්නේ කියෙන් කීදෙනාද ? ජනතාව ලද මෙම අත්දැකීම තුල ඈතම යුගයේ මෙරටට පැමිණ සුදු මහත්වරුන්‘‘වඩාත්හො`ද ’’ යයි කියන කතාවද දැන්, නැවත නැවත ඇසෙන්නට පටන් ගෙන තිබේ. මෙසේ තමාගේ යුතුකම, වගකීම සහ, වගවීම පැහැර හැර, දියාරු වී ඇති රාජ්‍ය සේවය නිසාම බි‍්‍රතාන්‍යය, ඇමරිකාව, නෝර්වේ, ප‍්‍රංශය වැනි බටහිර රටවලට කත්අදින්නා වූ දෙනෝ දහසක් මේ රටේ අද බිහිවෙමින් පවති. මේ සිදුව ඇත්තේ කුමක්ද? අධ්‍යාපනය ගැන අධ්‍යාපනයෙහි යෙදවෙන මනෝවිද්‍යාව ගැන, ගුරු කමෙහි ගරුකම ගැන, මෙලෝ හසරක් නොදන්නා වූ නිතිඥ මහත්වරුන්, ආර්ථික විශේෂඥයන් සහ ටියුෂන් රජවරුන්ගේ ගෙලෙහි, අධ්‍යාපන ඇමතිකමෙහි මල්මාලය පැලදවීමෙන්, කාලාන්තරයක් තිස්සේ මේරටේ අධ්‍යාපන දේහයේ කොදුනාරටිය දීරාපත්වී තිබීමය, ඒ තුළින් බිහිවන්නාවූ රාජ්‍ය සේවකයන්ගෙන් අති මහත් බහුතරය, තමාගේ සහ ජනතාවගේ අභිමානය සහ අයිතිවාසිකම් රැුකගන්නවා වෙනුවට, 08, 09, 10, 11 සමත් මහජන නියෝජිතයාට යට වීමේ සහ වැද වැටීමේ මානසිකත්වයට ගොදුරු වී තිබේ. මෙම ක‍්‍රමය උඩු – යටිකුරු වනතාක් කල් මේ රටේ මහජනතාවට ගැලවීමක්ද, නිවනක්ද, නිදහසක්ද නැත්තේමය.
සමාජ සේවයේ කඩතුරාවට වසන් වී, තමාගේ බඩගෝස්තරය සදහා අධ්‍යාපන දැනුම විකුණා, මුදල් හරිහම්බ කල අයටද, නීතියේ කසය අතැතිව කස හරඹ දක්වන්නා වූ අයටද මේ රටේ අධ්‍යාපන ඇමතිකම කිසිසේත් වලංගු නොවන්නේය. නොගැලපෙන්නේය. ඵල නොදෙන්නේය. ඵල නොදරන්නේය. එබැව්න්, අනාගතයේ හෝ මේ රට හැදිය යුත්තේ මේ රටෙහි අධ්‍යාපන ඇමතිකම ගුරුකමෙහි ගරුකම දන්නා හදුනන, ජාවාරම්කරුවන් නොවන අයට ලබා දීමෙන් පමණකි. එදා කන්නන්ගර, ලලිත් ඇතුලත්මුදලි. රිචඞ් පතිරණ වැනි ගෞරවණිය අධ්‍යාපන ඇමැත්තෝ අත්දැකිමෙන්ම කල යුතු දේ දැන, තමාගේ උපන් හපන්කම් වලින් අධ්‍යාපන ඇමතිකම පෝෂණය කලා මිස එයින් වැජඹුනා නම් නොවන්නේය. ඕජස් ගලන්නා වූ අධ්‍යාපන දේහය තුල, ගුරු කමෙහි ගරුකම ගැන කතා කරමින්, අධ්‍යාපන ජාවාරමෙහි යෙදෙන්නන් සියළු දෙනා දැන හදුනා, එක තැනකට ගාල්කර, කස පහර දී ගැට ගසා තැබීමම, මේ රටේ අනාගත සෞභාග්‍ය සදහා වන්නේය. ථිට අවුරුදු 50කට පමණ පෙර, ශ‍්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය දේහය තුළ පිටි මකුණන් ලෙස පෝෂණය ආරම්භ කරන ලද. ‘‘අමතර ඉගැන්වීම්’’හෙවත් ටියුෂන් ක‍්‍රමය, කාලාන්තරයකට පසු, ශ‍්‍රි ලාංකීය අධ්‍යාපන දේහය තුල ජලය සපයන ශෛලම නාල පද්ධති බවට පත්ව, අද වනවිට ඝනීභවනය වී ඇත්තේය. මේසා විශාල ව්‍යුහ වෙනසක් ශ‍්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපන දේහය තුල සිදුවූ විට හෝ සිදුවෙමින් තිබෙන්නාවූ විට හෝ අධ්‍යාපනයට නොගැලපූනාවූද, ඉදිරි දැක්මක් නොමැත්තාවූද මැති ඇමැත්තෝ එම හානිය හ`දුනා නොගත්තෝය. අධ්‍යාපනයේ දීර්ඝකාලීනව බලපාන ගැටලූ වලට විසුදුම් වලින් තොරව, බලයෙන් උද්දාමයට පත්වෙමින් ඔවුහු සුරසැප වීදීමේ අත්‍යන්ත ප‍්‍රතිඵලය, අද මේ රටේ ජනතාව සහ ඔවුන්ගේ දරුවන් අඩුවෙන් සහ වැඩියෙන් විදවති. ණිදහස් අධ්‍යාපන පද්ධතිය තුළ ගුරුවරයාගේ සහ විදුහල්පතිවරයාගේ වෟත්තිය ගරුත්වය සහ අයිතිවාසිකම් සදහා ගොඩ නැංවී ඇති වෘත්තිය සමිති, අධ්‍යාපනයේ හතුරන් ලෙස සැළකිමට තරම් ඔලමොට්ටල වී ඇති, දේශපාලන හිතවත්කම් සොයා යන, අඹමල් රොනක තරම්වත් නිර්මාණ ශීලි හැකියාවක් නැති, තමාට ලැබෙන වැටුප පිං පඩියක් බවට පත්කර ගත්තාවූ නිලධාරි පෙලන්තියට අයත් වන්නෝ ද, අධ්‍යාපන දේහයේ සැබැ සතුරන් බවට අද පත්වී ඇත්තෝය. ජාවාරම්කාර ආනන්දනීය විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු සදහා අද අධ්‍යාපන ආමාත්‍යංශයෙන් රාජ්‍ය සේවා කොමිසන් සභාවට යැවෙන ඉල්ලීම් සකස් කරනු ලබන්නේද අත්‍යවශ්‍ය දේ සිදුවීම සදහා නොවන්නේය. එවැනි රාජ්‍ය සේවකයන් රොත්තකට මැදී වූ ද, අධ්‍යාපනය ගැන ප‍්‍රායෝගික දැනුමක් නැත්තාවූද, ඇමතිකමෙහි ආරෝපණයෙන් බල ගැන්වූ ඕනෑම අධ්‍යාපන ඇමතිවරයෙකුට සිදුවන්නේ දෑස් වසා කරකවා අතහැරිය විට, ඔහේ ගමන් කරනවා හැර අන් කවරෙක්ද ?
අද ලංකාවේ කීර්තිමත් පාසල් වල දරුවන් පාසල තුළදීම ගුරුවරයාට පහර දෙති. විදුහල්පතිවරයා ගුරුවරයාට පහර දීම සදහා දරුවන් උසි ගන්වති. ගුරුවරයා රෝහල් ගත වෙති. විළි ලැජ්ජා සහගතය. තවත් කීර්තිමත් පාසලක නි.විදුහල්පතිවරයා එම පාසලේම විදුහල්පතිවරයා සමග කූඨ ලේඛන සකස් කොට, වාසිි ගරා, වැරදි අයුරින් 1 ක වසරට සිසුන් 89ක් බදවා ගනිති. එවිට සුදුසු සිසුන් 89ක් කැපී, අසරණ වී යති. අධිකරණයේ නඩු තිබියදීම සහ විනය පරීක්ෂණ තිබියදීම එම නි.විදුහල්පතිවරයාට, වෙනත් කීර්තිමත් පාසලක විදුහල්පතිකම භාර දෙති. විළි ලැජ්ජා සහගතය. තවත් කීර්තිමත් පාසලක විදුහල්පතිවරයා වැඩි ඡුන්දයෙන් තේරී පත්වූ ලේකම්වරයා ප‍්‍රතික්ෂේප කොට උසාවිය හමුවේ පෙනී සිටි. විළි ලැජ්ජා සහගතය. තවත් කීර්තිමත් පාසලක විදුහල්පතිවරයා තම අඹුව පසෙක තබා එම පාසලේම තවත් අයෙකු අඹුව ලෙස තෝරා ගනිති. විළි ලැජ්ජා සහගතය. පාසල් තුල මේවා සිදුවන්නේ කෙසේද ?

පාසල් තුල මේවා සිදු ව’ය යුතුද? අඩුම තරමින්වත් විදුහල් තුළ විදුහල්පතිකම් දැරිය යුත්තේ ලැජ්ජා-බය සහිත, නීති ගරුක ජාවාරම්කරුවන් නොවන අය බව රාජ්‍ය සේවා කොමිසම තේරුම් ගන්නේ කවදාද ? එදා කීර්තිමත් පාසල් වල විදුහල්පතිවරුන් රාජ්‍ය සේවා කොමිසන් සභාවල තනතුරු දැරු යුගයද, එහි අභිමානය රැුකි යුගයද සිහිපත් කරවමින්, ඔවුහු අද 90 වියට එළැබ, ගරු බුහුමනින් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම’මන්ත‍්‍රණ ශාලාව තුල පිදුම් ලබති. රාජ්‍ය සේවා කොමිසන් සභා වල මේ නිහැඩියාව හා නොදන්නාකම මත, හෙට ජාවාරම්කාර විදුහල්පතිවරු රාජ්‍ය සේවා කොමිසන් සභාවේ සභාපති ධුරයෙන් පිදුම් ලැබුවද කටඇර, දිව එළියට දමා විදෙස් උපදෙස් පතා බලා හිදින්නාවූ මැති ඇමතිවරුන්ට ඒ පිලිබද සොයා බැලීමටවත් ඕනෑකමක් නැත. ඔවුන්ගේද මඩිය තරකර ගතයුත්තා වු බැවිනි. මෙම සංකීර්ණ ගැටළු තුළ සමහර නි.ඇමත්තෝ විදුලි පංකාවේ ගෙල වැළදා ගනිති. අද කාලයේ නි.ඇමතිවරයෙකුට වත් පාසලකට දරුවන් දමා ගත නොහැකි යයි තවත් හිටපු ඇමති අම්බරුවෙක් උම්බෑ කියති. එහෙත් පළමුවෙන්ම මෙසේ ගෙල වැලදා ගතයුතුව තිබුනේ, අධ්‍යාපනක‍්‍රමවේදය පිළිබදව අවබෝධයක්. ඉදිරි දැක්මක් සහ නිර්මාණශීලිත්වයක් නොමැතිව මේ රටේ අධ්‍යාපනයේ නියමුවන්ව සිටි සහ සිටින්නාවූ සෑම දෙනාමය. අපේ මෙම කතිකාවට එක්වීම සහ ශක්තියක් වීම සදහා සෑබෑ මිනිසුන් වූ ඔබට ගරු සරු පෙර දැරිව ඇරයුම් කරමු.

එළදායී අධ්‍යාපනයක් සදහා වූ ව්‍යාපාරයේ පුවත්පත් නිවේදනය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p