ජනපතිගෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පැතුම්

July 31, 2016

මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මහතා  (30දා) පස්වරුවේ දුරකථනයෙන් ඇමතූ ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පළ කළ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉදිරි ජයග්‍රහණ වෙනුවෙන් ද සුභාශිංසන පිළිගැන්වූ බව ජනපතිවරයාගේ මාධ්‍ය ඒකකය කියයි.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p