බණ්ඩාරනායක සමාධිය හදිසියේ වසා දමයි

July 31, 2016

හොරගොල්ලේ පිහිටි බණ්ඩාරනායක සමාධිය ඉතිහාසයේ පළමුවරට  (31) වසා දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් බණ්ඩාරනායක සමාධියට ආරක්ෂාව සපයන ලෙසට පොලිස්පතිවරයා වෙත සිදු කර තිබූ ඉල්ලීමකට අනුව මෙලෙස බණ්ඩාරනායක සමාධිය වසා දමා ඇත.

හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය ඉදිරිපිටින් ගමන් කිරීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාවේ සංවිධායකයන් දෙදෙනකු මීට ඉහතදීත් ඊට හානි කිරීමේ උත්සාහයක නිරත වී ඇති බැවින් තමා පොලිස්පතිවරයාගෙන් එම ඉල්ලීම සිදු කළ බවත් මේ වන විට එවැනිම සැලැස්මක් පිළිබඳ තමාට දැන ගැනීමට ලැබී ඇති බවත් හිටපු ජනාධිපතිනිය සදහන් කළාය..

ඒ අනුව කිසිවකුටත් බණ්ඩාරනායක සමාධිය පිහිටි භූමිය තුළට ඇතුළු වීමට අවසර නොලැබෙනු ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p