නිදහසින් පසු පළමු මූල්‍ය නගරය අගහරුවාදා ප්‍රකාශ කරයි

July 30, 2016

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ආසියානු පැසිපික් කලාපයේ මූල්‍ය නගරය බවට පත් කෙරෙන කැබිනට් පත්‍රිකාව ලබන අගහරුවාදා (02) ඉදිරිපත් කිරිමට නියමිතය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලය වෙත ඉහත කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරිමෙන් පසු ඉන්දියාවේ චෙන්නයි නුවර හා මැද පෙරදිග ඩුබායි අතර අතරමැදි මූල්‍ය නගරයක් ලෙස ශ්‍රී ලංකා කොළඹ වරාය නගරය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරරෙනු ඇත.
කොලඹ වරාය මූල්‍ය නගරය බවට ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඇමරිකානු ඩොලර්, යුරෝ, ස්ටර්ලින් පවුම්, සිංගප්පූරු ඩොලර් හා ඉන්දියානු රුපියල් ආදි ජාත්‍යන්තර මුදල් භාවිතා කරන මූල්‍ය මධ්‍යස්ථානයක් ලෙස කොළඹ වරාය නගරය ජගත් වෙළෙඳ ප්‍රජාව සමඟ එක් වෙයි.
නිදහස ලැබීමෙන් පසුව ශ්‍රී ලංකාවේ මෙවැනි මූල්‍ය නගරයක් ප්‍රකාශයට පත් වන්නේ පළමු වතාවටය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p