ලංකාවේ නැවියන්ට ස්විස් රැකියා

July 28, 2016

ස්විස්ටර්ලන්ත ධජය සහිත නෞකාවල සේවය කිරීමේ අවස්ථාව ඉදිරියේදී ශ්‍රී ලංකාවේ නාවිකයින්ට උදා වන බව වරාය සහ නාවික අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති මහතා පවසයි. මේ සඳහා වූ ද්විපාර්ශික අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් සෙනෙවිරත්න මහතා සහ ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති හෙයින්ස් වෝකර් නෙයිඩර්කෝන් (Heinz Walker – Nederkoon) මහතා විසින් සිදු කෙරිණ.

වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ නිරීක්ෂණය යටතේ එම ගිවිසුම අත්සන් කෙරුණු අතර නාවික විෂය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ස්විස්ටර්ලන්තය අතර අත්සන් කෙරුණු පළමු ගිවිසුමද මෙය වේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p