කලු ජුලියට වසර තිස්තුනයි ! අපි දෑන් කොතැනද ?

July 28, 2016

| උතුරු කටුව – Dr. Nalinda Jayatissa |

Racism is man’s gravest threat to man – the maximum of hatred for a minimum of reason.

-Abraham Joshua Heschel

අවාසනාවන්ත කලු ජුලියට දෑන් වසර තිස්තුනකි.ඒ ජුලිය අපේ රටේ දේශපාලණ ගමන්මග ඉදුරාම වෙනස් කලේය.එය වසර 30ක යුද්ධයක් බිහි කලේය.සිංහල දෙමළ මුස්ලිම් තරුණයන් දස දහස් ගණනක් රටට අහිමි කලේය.ලක්ෂ්මන් කදිරගාමර් වෑනි කෘතහස්ත දේශපාලකයින් හා ආචාර්ය රාජිනී තිරණගම වෑනි උගතුන් රටට අහිමි කලේය.විදේශ ආයෝජකයින් බියගන්වා පලවා හෑරියේය.රටේ ආර්ථිකය කඩා බිද වෑට්ටුවේය.

කලු ජුලිය දඩමීමා කරගෙන ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා ජනතා විමුක්ති පෙරමුණ තහනම් කලේය.නෑවත වරක් සිංහල දෙමළ මුස්ලිම් තරුණ ජීවිත දස දහස් ගණනක් රටට අහිමිවිය.රෝහණ විජේවීර වෑනි දේශප්‍රේමීන් හා සත්‍යපාල වන්නිගම වෑනි උගතුන් රටට අහිමි කලේය.රටේ ප්‍රජාතන්ත්‍රවාදය බිද වෑට්ටුවේය.
අවාසනාවන්ත කලු ජුලියේ අමිහිරි ප්‍රථිපල බුක්ති වින්දෝ උතුරේත් දකුනේත් සාමාන්‍ය ජනතාවය.එහි මිහිරි ප්‍රථිපල ලෙස තම බලය රෑක ගත්තෝ උතුරේත් දකුණේත් ප්‍රභු දේශපාලකයෝය.ජාතිවාදය යනු කවදත් සාමාන්‍ය ජනතාවට මල පුඩුවකි.පාලකයන්ට ඈලඩින්ගේ පහනකි.පසුගිය දින කිහිපය ජනතා විමුක්ති පෙරමුණේ තරුණ සාමාජික සාමාජිකාවන් සිය ගණනක් සිටියේ යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවලය. සංස්කෘතික උත්සව සාහිත්‍ය කදවුරු ,චිත්‍ර ප්‍රදර්ශණ , ක්‍රීඩා තරග ,ශ්‍රමදාන , වෛද්‍ය සායන ස්වේච්චා කටයුතු ගෙයින් ගෙට යෑම් වෑනි කටයුතු සිදු කරමින් ඔවුහු සහෝදරත්වයේ දෑත් උතුරට යොමු කලහ.උතුරේ දෙමළ තරුණ තරුණියන්ද ඒ දෑත් තදින් වෑලද ගත්තෝය.එය කාටත් අලුත් අත්දෑකීමක්විය.
වයස අවුරුදු විස්ස විසිපහ උතුරේ දෙමළ තරුණයා මෙතෙක් හදුනාගෙන සිටියේ රයිෆලයක් අතින්ගත් සිංහල සොල්දාදුවෙකි.කලාව ,ක්‍රීඩාව , සාහිත්‍ය ,අධ්‍යාපනය අතින්ගත් දකුණේ කිසිවෙක් ඔවුන්ට හමුවී නොතිබුණි.භාෂාවෙන් වෙනස්වුවන් මේ එකම ලේ ඈති එකම ශරීර කුඩුව සහිත පිරිසක් බව දෙපිරිසටම දෑනෙන්නට ඈත.සංගීතයට , නෑටුමට චිත්‍රයට වොලිබෝලයට භාෂාව එතරම් බාදාවක් නොවීය.වසර තිහක් ගෙදර අත්හෑරගොස් සිටි තම පවුලේ ඥාතියා නෑවත පෑමිණියා මෙනි.දකුණේ තරුණ තරුණියන්ට නවාතෑන් කෑම බීම සපයා දී ඔවුන්ව ආදරයෙන් රෑක බලා ගත්තේ වෑඩිහිටි දෙමළ මව් පියවරුන්ය.ඒ සමහර මව් පියවරුන්ට LTTE  පෑහෑරගෙන ගිය හෝ යුද්ධයේදී මරා දෑමුණු තම තරුණ දුව පුතා සිහිවන්නට ඈත.දෑසේ කදුලු උනන්නට ඈත.හදවත දුකින් බර වෙන්නට ඈත.උතුරේ දෙමළ මවගේ කදුලුද දකුණේ සිය දරුවා මියගිය හමුදා පවුලක මවගේ කදුලුද එකමය.ඒ කදුලු උනන්නට හේතුව ඒ මව්පියන්ගේ වරදක් නොවේ.එකම රටක් තුල සමගියෙන් වසන්නට නියමිතව සිටි වෑසියන් බෙදා වෙන් කල ප්‍රභූ දේශපාලකයාගේ වරදය.යුද්ධය අවසන්ව වසර හතකි.දකුණට පම්පෝරි ගෑසු තරමට උතුරට උදාවු වසන්තයක් නෑත.ඒ නවය පාර හෑදුනාට එයින් ඈතුළට යන්නට පාරක් නෑත.අව්වට දුවිල්ලෙන් වෑසෙන වෑස්සට මඩ ගොහොරුවක් වන තාර නොදෑකපු පාරවල් එමටය.

මේ කුඩා කුඩා සංවර්ධන වෑඩ කරන්නට හෑකි බලයක් උතුරු පලාත් සභාව හරහා TNA ට ලෑබී තිබේ පළාත් සභාවට ඈති බලයෙන් උතුරේ අධ්‍යාපනය , සෞඛය , කෘශිකර්මාන්තය ධීවර කර්මාන්තය ,මහා මාර්ග වෙනුවෙන් යමක් කල හෑකිය.එම බලයම හිමි දකුණේ පලාත්සභා ඒ වෙනුවෙන් කුමක් හෝ කරමින් සිටී. එහෙත් TNA හි උපක්‍රමය වී ඈත්තේ ලෑබී ඈති අවම බලයෙන් පවා වෑඩ නොකර සිටින්නටය.කිලිනොච්චියේ මහ රෝහල සංවර්ධනයට පලාත් සභාවට පොලිස් බලතල වුවමනා නෑත.උතුරේ පාරවල් කාපට් කරන්නට පලාත් සභාවට ඉඩම් බලතල වුවමනා නෑත.එහෙත් TNA හි අරමුණ ජනතාවට වෑඩක් කරන්නට නම් මීට වඩා වෑඩි බලයක් වුවමනා බව ජනතාවට අගවන්නටය.කිලිනොච්චි මහ රෝහලේ අධ්‍යක්ෂවරිය වන ළමා රෝග විශේෂඥ වෛද්‍යවරිය විශාල උත්සාහයක් රෝහලේ සංවර්ධනයට යොදවද්දී එයට බාදා කරන්නේ ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාය.ඔව්න්ට අවශ්‍යව ඈත්තේ ” කොළඹ ” ආණ්ඩුවෙන් මොනම දෙයක්වත් උතුරට නොකරන බව අගවන්නටය.එයට හේතුව උතුරේ සිටින්නේ දෙමළ ජනතාව බව කියන්නටය.දෙමළ ජනතාවගේ ප්‍රශ්ණ විකුණා යළි තම පාර්ලිමේන්තු හෝ පළාත්සභා ආසනය රෑක ගන්නටය.තමන්ට බලය තබා ගෑනීමට උතුරේත් දකුණේත් සිදු කරන මේ ජාතිවාදී බල සුදුව පරාජය කල යුතුමය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p