ශ්‍රීලනිපය කඩන්න එපා ජනපති ඒකාබද්ධ විපක්ෂයෙන් ඉල්ලයි

July 25, 2016

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරිමට කටයුතු නොකරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඊයේ (25) රාත්‍රියේ ඉල්ලිමක් කර ඇත.
එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව පාර්ලිමේන්තුව තුළ හෝ ඉන් පිටත කටයුතු කලාට තමාට ගැටලූවක් නැති වුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහිව කටයුතු නොකිරිමට වගබලාගත යුතු බවද ජනාධිපතිවරයා දැනුම් දී තිබේ.
ජනාධිපති හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර කොළඹපැජට් පාරේ ජනාධිපති නිල නිවසේදි පැවැති සාකච්ඡාවකදි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.
මෙහිදි ජනාධිපතිවරයා ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන පාද යාත්‍රාව ගැන විමසා ඇති අතර එහිදි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ප්‍රකාශ කර ඇත්තේ මෙය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එරෙහිව කරනා විරෝධතා පා ගමනක් බවයි.
එවැනි විරෝධතාවයන් සම්බන්ධයෙන් තමාට ගැටලූවක් නැති බව ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා එසේවුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විරුද්ධව කටයුතු නොකරන ලෙස කියා ඇත. පක්ෂයේ විනය හා ව්‍යවස්ථාව කඩවන ආකාරයට කටයුතු නොකරන ලෙසද ජනාධිපතිවරයා දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර අත්සන් කර තිබු ගිවිසුම ගැන මන්ත්‍රීවරු විමසා ඇති අතර මෙය පක්ෂ සාමාජිකයන්ගේ අනුමැතියෙන් තොරව කළ බවද ඔවුන් පෙන්වා දී ඇත. එහිදි ජනාධිපතිවරයා කියා ඇත්තේ ජාත්‍යන්තර ආධාර උපකාර රටට ලබා ගැනිම සඳහා ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍ය බැවින් මේ තිරණය ගත් බවය.
ඊයේ රාත්‍රි 7.30 සිට රාත්‍රී 9.30 දක්වා මෙම සාකච්ඡාව පැවැත් වී ඇති අතර ඉන් පසුව මන්ත්‍රීවරු විසිර ගොස් තිබේ. සාකච්ඡාවෙන් පිටතට පැමිණි මන්ත්‍රීවරු කියා සිටියේ එය සුහදව පැවැති බවයි.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p