මහා මාර්ග අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්ගේ පවුලේ සාමාජිකයනුත් මාර්ග සංවර්ධන අධිකාරියේ උපදේශකයින් කරලා – ජ.වි.පෙ මන්ත්‍රී නලින්ද ජයතිස්ස

July 22, 2016

මර්ග සංවර්ධන අධිකාරියට උපදේශකයන් ලෙස මහා මාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය අංශයේ නිලධාරියාගේ පවුලේ සාමාජිකයන් තිදෙනෙකු බදවා ගෙන ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (22) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය.
මාර්ග සංවර්ධන අධිකාරියට බඳවා ගෙන සිටින්නේ උපදේශකයන් 45 ක් බව ප්‍රකාශ කිරිමෙන් උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමතිවරයා සභාව නොමඟ යවා ඇති බවත් සැබෑ ලෙස උපදේශකයන් 56 දෙනෙකු බද¼වා ගෙන ඇති බවත් කියමින් මන්ත්‍රීවරයා අදාළ ලේඛනය සභාගත කළේය.
තමා ප්‍රකාශ කළේ අසත්‍යයක් බව ඇමතිවරයා කීවත් භික්ෂුන් වහන්සේ නමකටද උපදේශක තනතුරක් පිරිනමා ඇති බවට සභාගත කළ මාර්ග සංවර්ධන අධිකාරියේ ලේඛනවල දැක් වෙන බවද ඔහු කියා සිටියේය. එකම පවුලේ දෙදෙනෙකු උපදේශකයන් ලෙස බඳවා ගත්තාය කිම අසත්‍යයක් බව කී මන්ත්‍රීවරයා සැබෑවටම එය තිදෙනකු බවද පෙන්වා දුන්නේය.
උපාදේශකයන් ලෙස බඳවා ගත් අංක 106, අරුප්පොලවත්ත නුවර පදිංචි කේ.ජි. ආත්මා මධුවන්ති පීරිස්, සිරිල් සමරසූරිය සහ සවින්ද සමරසුරිය යන තිදෙනා ඇමතිවරයාගේ මාධ්‍ය අංශයේ නිලධාරියෙකුගේ පියා, සහෝදරයා සහ සහෝදරයාගේ බිරිද බවද මන්ත්‍රීවරයා කීවේය.
මේ උපදේශකයන්ට රුපියල් 65000 බැගින් මාසික දිමානාවක් ගෙවනා බවද ප්‍රකාශ කළ මන්ත්‍රීවරයා ඇමතිවරයාට තමන් පත් කළ උපදේශකයන්ගේ නම් පවා දැන් අමතකව ඇතැයිද ප්‍රකාශ කළේය.
ර්‍ණඅංක 66/55 රජපිහිල්ල මාවත නුවර ලිපිනයේ පදිංචි පී. රූපිකා පි්‍රයදර්ශිනි ඇමතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙකු වන වරුණ ලියනගේගේ නෑනා…… චැපල් ජනපදය, පාර දෙක ලිපිනයේ පදිංචි හන්සිකා කල්පනී හේරත් ඇමතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම් අශෝක හේවගේගේ දුව…. ඒ වගේම එයාගේ බිරිද වන කේ.එම්.ආර්.එච්.ඩබ්ලිව්.පි.කේ වීරරත්නත් මාරග් සංවර්ධන අධිකාරියේ උපදේශකයෙක්.
මීට අමතරව වත්තේගම ප්‍රදේශිය සභාවේ විපක්ෂ නායක, මහනුවර නගර සභාවේ විපක්ෂ නායක, ගඟවටකෝරලේ ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක, මධ්‍යම පළාත් සභාවේ වික්ෂ නායකගේ බිරිද, උඩපළාත ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක යන අයටත් උපදේශක තනතුරු දි ඇතැයිද මන්ත්‍රීවරයා කීවේය.
මහින්ද චින්තන ආණ්ඩුව ජනතාව වෙනස් කළේ ඔවුන්ගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට නොවේයැයිද මන්ත්‍රීවරයි පැවසීය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p