පංච පුද්ගල කමිටු වාර්තාව පොලිස් කොමිසමට

June 6, 2016

පොලිස් නිලධාරීන්ගේ උසස් වීම් පිළිබඳ සොයා බැලීමට පත් කළ පංච පුද්ගල කමිටුවේ වාර්තාව පොලිස් කොමිසම වෙත භාර දී තිබේ.

පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා සඳහන් කළේ අදාළ වාර්තාව මගින් උප පොලිස් පරීක්ෂකවරුන්ගේ සිට ඉන් පහල නිලධාරීන් සඳහා උසස් වීම්  සම්බන්ධයෙන් නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇති බවයි.

එම නිර්දේශ පිළිබඳව ලබන 09 වැනිදා රැස්වන පොලිස් කොමිසමේ දී සාකච්ඡා කර උප පොලිස් පරීක්ෂකවරුන්ගේ සිට පහල නිලධාරීන් සඳහා උසස් වීම් ලබාදීමේ දී පාදක කරගත යුතු ක්‍රමවේදය පිළිබඳ තීරණයක් ගැනීමට නියමිත බව සඳහන්ය.

අදාළ තීරණයෙන් අනතුරුව එම උසස්වීම් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපදෙස් පොලිස්පතිවරයා වෙත ලබාදීමට කටයුතු කරන බව පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා සඳහන් කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p