පළමු නගරාධිපතිනිය අභාවප්‍රාප්තවෙයි

March 4, 2016

ආසියාවේ පළමු නගරාධිපතිනියව සිටි චන්ද්‍රා රණරාජ මහත්මිය ඊයේ (3) අභාවප්‍රාප්ත වී තිබේ.

1979 වසරේ සිට 1997 වසර දක්වා මහනුවර මහ නගර සභාවේ මන්ත්‍රිවරියක ලෙස සමාජ මෙහෙවරක නිරත වූ ඇය වසර 1989 – 1991 කාලයේ දී මහනුවර නගරාධිපතිනිය ලෙස කටයුතු කර ඇත.

හිටපු අධිකරණ නියෝජ්‍ය ඇමැති ෂෙල්ටන් රණරාජ මහතාගේ බිරිය වු චන්ද්‍ර රණරාජ මහත්මිය දියණියන් පස්දෙනෙකුගේ මවකි.

මධ්‍යම පළාත් සභා මන්ත්‍රී තිළිණ තෙන්නකෝන් මහතා විවාහ වී ඇත්තේද රණරාජ මහත්මියගේ එක් දියණියක සමගය.

මහනුවර රජපිහිල්ල මාවතේ පිහිටි සිය නිවසේ දේහය තැන්පත් කොට ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (5) පෙරවරු 10.00 ට මහනුවර මහයියාව සුසාන භුමියේදී සිදුකිරීමට කටයුතු යොදා ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p