ප්‍රසන්න රණතුංගගෙන් විශේෂ ප්‍රකාශයක්

March 2, 2016

මිනුවන්ගොඩ ආසන සංවිධායක ධූරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ඉවත් කිරීමට එරෙහිව විරෝධය පළ කරමින් මිනුවන්ගොඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම සංවිධානය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබේ.

තවදුරටත් මිනුවන්ගොඩ ආසන සංවිධායක ලෙස මිනුවන්ගොඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම සංවිධානය පිළිගනු ලබන්නේ ප්‍රසන්න රණතුංග මහතා බව ප්‍රකාශ කරමින් එම ලිපිය යොමුකළ බව එම සංවිධානයේ ලේකම් පද්මකුමාර අරංගල්ල මහතා පැවසුවේය.

මේ අතර ආසන සංවිධායක ධුරය අහිමිවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා විශේෂ ප්‍රකාශයක් කිරීමට සැළසුම් කර තිබේ.

ලබන 06 වැනිදා උඩුගම්පොල ශ්‍රී ලංකා  නිදහස් පක්ෂ කාර්යාලයේ දී එම ප්‍රකාශය සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p