ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයට අදහස් ලබාගැනීමේ කාලය දිගුකරයි

February 14, 2016

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුව සඳහා ලිඛිත කරුණු ලබාදීමේ කාලය දීර්ඝ කර තිබේ.

ඒ අනුව එහි කාලය මාර්තු මස 10 වන දින දක්වා දීර්ඝ කර ඇති බව එම කමිටුව සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ වාචිකව අදහස් ලබාගැනීම සඳහා මහජන අදහස් විමසීමේ කමිටුව විසින් මේ වසරේ ජනවාරි මාසයේ සිට දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවල රැස්වීම් පැවැත්වීම ආරම්භ කරන ලදී.

මේ වන විට ගම්පහ, මාතලේ, කළුතර, මහනුවර, වව්නියාව, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල එම රැස්වීම් පවත්වා ඇත.

අදාළ රැස්වීම්වල දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජනතාව විසින් ඉතා උද්යෝගිමත් අයුරින් සිය ප්‍රතිචාර දැක්වූ බව මහජන අදහස් විමසීමේ කමිටුව පවසයි.
ඉදිරි දිනවලදී සෙසු දිස්ත්‍රික්කවල මහජන අදහස් විමසීමේ රැස්වීම පැවැත්වීමට නියමිත අතර හෙට යාපනය සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල දී එම රැස්වීම් පැවැත්වීමට නියමිතය.

මහජනතාව ලබාදෙන කරුණු පිළිබඳව අවධානය යොමුකර ඒ මත පදනම්ව සකස් කරන ලද වාර්තාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් කිරීමේ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව වෙත ලබාදීම මෙම මහජන අදහස් විමසීමේ කමිටුවේ කාර්යභාර්ය වී ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p