වෙනිසියුලානු කත දෙසතියක් රිමාන්ඩ්

February 14, 2016

කොකේන් මත්ද්‍රව්‍ය සමග කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගත් වෙනිසියුලානු ජාතික කාන්තාවක් ‍රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඩුබායි හි සිට පැමිණි අදාළ කාන්තාව රේගු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ඊයේ උදෑසන අත්අඩංගුවට ගෙන තිබුණි.

62 හැවිරිදි එම වෙනිසියුලානු ජාතික කාන්තාව විසින් කොකේන් මත්ද්‍රව්‍ය අඩංගු කරල් 87ක් ගිල මෙරටට පැමිණ  ඇති බවට සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇති බව සඳහන්ය.

එම කොකේන්වල බර ග්‍රෑම් 500කට අධික බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා සඳහන් කළේය.

සැකකාරිය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

කෙසේවෙතත් ඇය තවදුරටත් රේගු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධීක්ෂණය යටතේ මීගමුව රෝහලේ රඳවා සිටින බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p