හාර්ඩියට අහිමි වූ ඉංජිනේරු විෂයන් යළි ලබා කෙරෙහි අවධානය

January 19, 2016

අම්පාර හාර්ඩි උසස් තාක්ෂණ ආයතනයට අහිමි වූ ඉංජිනේරු විෂයන් හා පාඨමාලාවන් යළි එම ආයතනය වෙත ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු කරන බව අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.

අම්පාර හාර්ඩි උසස් තාක්ෂණ විද්‍යාලයේ 60 වන සංවත්සර සැමරුම අමතින් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය ගරු දයා ගමගේ මේ බව කියා සිටියේය.

මිනුම්, විදුලි හා විද්‍යුත්, කාර්මික හා තාක්ෂණ ඉංජිනේරු විෂයන්ට අදාල පාඨමාලාවන් හාර්ඩි උසස් තාක්ෂණ ආයතනය සතුව පැවතියේය. නමුත්, අසූව දශකයේ පැවති යුධමය වාතාවරණය හේතුවෙන් එම පාඨමාලාවන් කොළඹ පිහිටි වෙනත් පරිශ්‍රයක් වෙත රැගෙන ඒමට සිදු විය.

ඔහු අවධාරණය කළේ, පවත්නා තත්ත්වය හා ඉදිරියේ දී අම්පාර නගරය කොළඹට පමණක් දෙවැනි දියුණු නගරය බවට පත් කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ දී හාර්ඩි උසස් තාක්ෂණ ආයතනය තුළ මෙම පාඨමාලා යළි ස්තාපිත කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරෙහි ද අවධානය යොමු වන බවයි.

දයා ගමගේ මහතා වැඩිදුරටත් කියා සිටියේ, ඊට අමතරව ඉහළ ඉල්ලූමක් සහිත සංචාරක නියාමන, ආගන්තු සත්කාර හා හෝටල් ආදී නව පාඨමාලාවන් ද හඳුන්වාදීමට පියවර ගැනීම කෙරෙහි අදාල අංශයන්ගේ අවධානය යොමු කිරීමට අපේක්ෂා කෙරේ.

මේ අතර, සෑම විටම රජයේ රැකියාවක් ලබා ගැනීම යන සිහිනය පසුපස හඹා නොගොස් තම හැකියාවන් හා දක්ෂතා උපයෝගී කර ගනිමින් ඉදිරියට යා හැකි කුමන වර්ගයේ හෝ රැකියාවක් වෙත යොමු වීම අරමුණු කර ගන්නයැයි අමාත්‍ය දයා ගමගේ මැතිතුමා එහි විද්‍යාර්ථීන් වෙත උපදෙස් ලබා දුන්නේය.

කැපවීම හා උනන්දුව පවතින්නේ නම් කුමන රැකියාවක් තුළින් හෝ දියුණුව කරා ගමන් කිරීම කිසිවෙකුට වැලැක්විය නොහැකි බව, තමා උදාහරණයට ගනිමින් අමාත්‍යතුමා විසින් මෙහිදී පැහැදිළි කරනු ලැබීය.

දිවංගත අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වූ ගල්ඔය ව්‍යාපාරයේ ප්‍රධාන නේවාසික ඉංජිනේරුවරයා වූ මහාචාර්ය එවන් ඇලන් හාර්ඩි ශ්‍රීමතාණන් විසින් 1956 වසරේ දී හාර්ඩි උසස් තාක්ෂණ ආයතනය ආරම්භ කළේය.

– භාරත ප‍්‍රභාෂණ

Sammy

Previous story Next story

Leave a comment

t

o

p