ඇඹිලිපිටිය සිද්ධිය සම්බන්ධව පරීක්ෂණයක්

January 12, 2016

ඇඹිලිපිටිය නගරයේ දී සාදයක් අතරතුර පොලීසිය සමඟ ඇති වූ ගැටමකින් තරුණයකු මිය ගිය සිද්ධිය සම්බන්ධයෙන් තමන් කණගාටු වන බවත් සිද්ධිය සම්බන්ධව ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන බවත්  නීතිය හා සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නයක මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

අමාත්‍යවරයා අද මේ බව පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, ස්ථාවර නියෝග 23(2) යටතේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

ගැටුම පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන බව කී අමාත්‍යවරයා, විනිවිදභාවයෙන් කටයුතු කිරීම සඳහා පොලිස් නිලධාරීන් 22ක් ස්ථාන මාරු කර තිබෙන බවත් ඒ සම්බන්ධව පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරනබවත් අමාත්‍යවරයා පැවසී ය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p