ඉන්දීය විදේශ ලේකම් 12දා දිවයිනට!

January 10, 2016

ඉන්දිය විදේශ ලේකම් එස් ජයෂංකර් මහතා මෙරට සංචාරයක නිරතවිමට සැලසුම් කර ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව ලබන 12 වන දින ඔහු දිවයිනට පැමිණෙන බව  නිව් ඉන්දියන් එස්ප්‍රස් පුවත්පත සඳහන් කරයි.

ඉන්දිය විදේශ ලේකම්වරයා එදින උදෑසන මාලදිවයිනේ සිට මෙරටට පැමිණිමට නියමිත අතර එහිදී ඔහු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, විදේශ අමාත්‍ය මංගල සමරවිර මහතා සහ විදේශ අමාත්‍යාංශ ලේකම් චිත්‍රාගනි වගීෂ්වර මහත්මිය මුණගැසි සාකච්ඡා කිරිමට සැලසුම් කර තිබේ.

දැනට යෝජනාවී ඇති ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධ කොමිසම පිළිබඳ මූලික සාකච්ඡා සඳහා ඉන්දිය විදේශ ලේකම්වරයා දිවයිනට පැමිණෙන බව  ඉන්දිය මාධ්‍ය වාර්තා කළේය.

ඉන්දිය විදේශ ලේකම්වරයාගේ මෙරට සංචාරයේදී ඔහු යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරතවිමට නියමිත අතර එහිදී ඉන්දිය රජයේ ආධාර යටතේ ප්‍රතිසංස්කරණය කරන ලද යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගණය ජනතා අයිතියට පත්කිරිමට ද නියමිතය.

මේ අතර දෙමළ පක්ෂ කිහිපයක්ද ඉන්දිය විදේශ ලේකම්වරයා මුණගැසිමට අවස්ථාව ඉල්ලා තිබේ.

එහෙත් කාල වේලාව පිළිබඳ පවතින ගැටළු සහගත තත්ත්වයක් හේතුවෙන් ලේකම්වරයා මේ දක්වාත් ඊට නිසි ප්‍රතිචාරයක්  දක්වා නොමැති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p