වෙලේ සුදාට මරණ දඬුවම

October 14, 2015

හෙරොයින් ග‍්‍රෑම් 7 යි දශම 5ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමට වරදකරු වූගම්පළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කළේය. ජනාධිපති නියම කරන දිනයක වැලිකඩ බන්ධනාගාරයේදී සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාව එල්ලා මරා දැමීමට විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට ලැබුණු තොරතුරු අනුව වෙලේ සුදා හා ඔහුගේ මිතුරකු අත්අඩංගුවට ගෙන තිබූ අතර හිරගෙදර ඇතිවූ කැරැල්ලකදී ඔහුගේ මිතුරා මියගොස් තිබිණි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p