මැණික් ගඟේ කිඹුලන් වෙනත් තැනකට දාන්න

September 29, 2015

කතරගම මැණික් ග‍ඟේ සිටින කිඹුලන් අල්ලා වෙනත් ස්ථානයකට රැගෙන යන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට උපදෙස් ලබාදී තිබේ.

මොණරාගල දිස්ත්‍රික් ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසකගේ සහභාගිත්වයෙන්  ඊයේ පැවැති ප්‍රාදේශීය සභා සම්බන්ධීකරණ රැස්වීමේදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී ඇති බව සඳහන්ය.

කතරගමට පැමිණෙන බැතිමතුන් සඳහා පහසුකම් සැලසෙන පරිදි පිරිසිදු නගරයක් පවත්වාගෙන යාම පිළිබඳ  සාකච්ඡා කිරීම සඳහා අදාළ රැස්වීම පවත්වා ඇත.

එහිදී මැණික් ගඟේ ඇති කැලිකසළ ඉවත් කර මැණික් ගඟ පිරිසිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද රංජිත් මද්දුම බණ්ඩාර අමාත්‍යවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p