කටාන පොලිස් අභ්‍යාස විද්‍යාලයට පුහුණවක් සඳහා පැමිණි සිටි උප පොලිස් පරික්ෂකවරයෙකු නේවාසිකාගාරය ආසන්නයේ නිවසක දැරියකට නිරුවත පෙන්වී යැයි චෝදනාවකට රිමාන්ඩ් කර තිබේ.
මෙම සිද්ධිය ගැන එම ළමයා (09) මවට පැවසීමෙන් පසු අසල්වාසින් පිරිසක්ද එක්ව එම නිලධාරියා අල්ලා කටාන පොලීසියට බාරදී ඇත.
අනතුරුව මෙම පුද්ගලයා උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 9 වැනිදා දක්වා රිමාන්ඩ් කර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.
Leave a comment