අතුරුගිරියේ මහ පොළොව නුහුළන තවත් අපරාධයක්

September 25, 2015

අතුරුගිරිය, කපුරුගොඩ – පනාගොඩ ප්‍රදේශයේ පදිංචි 10 හැවිරිදි පිරිමි දරුවෙකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර තිබේ.

එම ළමයා පදිංචිව සිටි නිවසට ආසන්නයේ පිහිටි පාළු නිවසක මෙම ඝාතනය සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.

මියගොස් ඇත්තේ කවිඳු දේවින්ද කපුරුගේ නැමැති දරුවෙකි.

අද‍ පෙරවරු 10.30ට පමණ දරුවා නිවසේ නොසිටි බැවින් පියා අසල්වාසීන්ට දැනුම්දී දරුවා සොයන අවස්ථාවේ දරුවා පාළු නිවසේ ඝාතනයට ලක්ව තිබියදී සොයාගෙන ඇත.

එම ළමයාගේ අත් පා මෙන්ම ගෙල ද වෙන්ව යන ලෙස මෙම තිරිසන් අපරාධය සිදුකර ඇති බව පැවසේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p