විජේවීරගේ බිරිඳට තවත් මාස 6ක් ලැබෙයි

September 23, 2015

ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ බිරිඳ ඇතුළු පවුලේ උදවියට ලබාදී තිබුණු වැලිසර නාවික හමුදා කඳවුරේ විවාහක නාවික නිලයන්ට අයත් නිවස තවත් මාස 6 ක කාලයක් ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නාවික හමුදා බලධාරීන්ට උපදෙස් ලබාදී ති‍බේ.

ආරක්ෂක කවුන්සිලය සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ලබාදී ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් ඉන්දික ද සිල්වා මහතා  කියා සිටියේය.

රටේ පැවති සාමකාමී වාතාවරණයත් සමග නිදහසේ ජීවත්වීමට අවශ්‍ය වටපිටාව උදාකරලීම සඳහා විජේවීර බිරිඳ ඇතුළු පවුලේ උදවිය නාවික හමුදා භාරයෙන් නිදහස් කිරීමට තීරණය කර තිබුණු බවත්,එම තීරණය දැනුම් දී තිබුණේ ඉකුත් පෙබරවාරි මාසයේ බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් මාධ්‍ය මගින් කෙරුණු ඉල්ලීම් හා උපුටා දැක්වීම් හේතු කොටගෙන ඒ පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමුවී ආරක්ෂක මණ්ඩලය රැස්කොට ඔක්තෝම්බර් මස 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි තවත් මාස 6ක් නාවික හමුදා භාරයේ එකී නිවසේම රැඳී සිටින්නට ඉඩලබාදී ඇති බව ඔහු කියා සිටියේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p