ලුම්බිණියට එන්න එපා!

September 12, 2015

* ලුම්බිණිය අවට තොරතුරු දැන ගැනීම සඳහා 97714720213
* නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් හදිසි නිවේදනයක්‌
* ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 300ක්‌ ආරක්‍ෂිතව ශ්‍රී ලංකාවට එවලා

 

නේපාලයේ ඇතිව තිබෙන බෙදුම්වාදී ආණ්‌ඩු විරෝධී උද්ඝෝෂණ නිසා උද්ගත වී ඇති තත්ත්වයන් මත ලුම්බිණිය වැඳපුදා ගැනීම පිණිස නේපාලයට යැමෙන් වළකින ලෙස නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කර සිටී.

විශේෂයෙන් බුදුන්වහන්සේ උපත ලැබූ ලුම්බිණිය ඇතුළත් වන තරායි ප්‍රදේශයේ මෙම ගැටුම්කාරී තත්ත්වය උග්‍රවී ඇති අතර එය පාලනය කිරීම සඳහා නේපාල හමුදාව යොදවා තිබේ. 

බෙදුම්වාදී ආණ්‌ඩු විරෝධීන් මංමාවත් අසුරමින් ඒවායෙහි ගමන් ගන්නා වාහනවලට පහරදීම නිසා එම ප්‍රදේශවල ගමන් කිරීම අනතුරුදායක තත්ත්වයකට පත්ව ඇත.

තරායි කලාපයේ පමණක්‌ වෙඩි තැබීම්වලින් දැනටමත් පුද්ගලයන් 33 දෙනකු මියගොස්‌ ඇත.

මෙම කලබලකාරී වාතාවරණය නිසා සිරවී සිටි ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 300 දෙනකු පමණ ආරක්‍ෂිතව එම ප්‍රදේශවලින් ඉවත් කර ශ්‍රී ලංකාවට එවීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කර තිබේ.

මේ අතර ලුම්බිණි අවට තොරතුරු දැන ගැනීම සඳහා 97714720213 යන අංකයට අමතන ලෙස නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා ජනතාවගෙන් ඉල්ලා සිටී.

නේපාලයේ යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනවලට එරෙහිව (ෙµඩරල්) මෙම මහජන කැරලි පැනනැගී ඇතැයි ඉන්දීය වාර්තා දක්‌වයි.

පසුගිය 10 වැනිදා සිට මාසයක්‌ තිස්‌සේ මෙම කැරලි හටගෙන ඇති අතර මේ නිසා මුළු රටම අකර්මන්‍ය වී ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p