ඇමතිවරු 07ක් වැඩ භාරගනී

September 7, 2015

නව රජයේ අමාත්‍යවරුන් 07 දෙනෙකු අද(07) සුබ මොහොතින් එම අමාත්‍යාංශවල වැඩභාර ගත්හ.

ස්වභාවික ආපදා කළමනාකරණය කිරීම මෙන්ම මිනිසා විසින් සිදුකරන ආපදා පාලනය කිරීම කෙරෙහිත් අවධානය යොමු කිරීම අවශ්‍යතාවක් බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා අද අමාත්‍ය ධූරයේ වැඩ භාර ගනිමින් පැවසීය.

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යංශ කාර්යාලයේදී අද වැඩ බාරගත්තේය

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේදී වැඩභාර ගනිමින් කියා සිටියේ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 06ක ප‍්‍රතිශතයක් ඉදිරි අයවැයෙන් අධ්‍යාපනය සඳහා වෙන් කරන බවයි.

කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර අද එම අමාත්‍යාංශයේදී වැඩ භාර ගනිමින් කියා සිටියේ කී‍්‍රඩා නීතිය සහ ජාතික කී‍්‍රඩා පිළිබදව ඉදිරියේදී අවධානය යොමු කරන බවයි.

ඊට අමතරව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, සංචාරක සංවර්ධන හා කි‍්‍රස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සහ අධිකරණ සහ බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා බුද්ධශාසන අමාත්‍යාංශයේ වැඩ භාරගත්හ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p