ශ්‍රී ලංකාවට සහය දෙන්න සුදානම්

September 4, 2015

ශ්‍රී ලංකාවේ හවුල්කරුවෙකු ලෙස පෙනී සිටිමින් ශ්‍රී ලංකාව මුහුණදෙන ගැටලුවලට  සහය ලබාදීමට සුදානම් බව යුරෝපා සංගමය කියයි.

මෙහිදී ශ්‍රී ලංකාවේ යහපත් ප්‍රජාතන්ත්‍රවාදයක් ගොඩනැගීම සඳහා සහයෝගය ලබාදීම සිය අරමුණ බව යුරෝපා සංගමය පෙන්වාදෙයි.

පසුගිය මහමැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා පැමිණි යුරෝපා  සංගමයේ නියෝජිතයින් මෙරට සිවිල් සංවිධාන කිහිපයක් වෙත වටිනා උපකරණ තොගයක් පිරිනැමීම ඊයේ සිදුවිය.

එහිදී යුරෝ 108,000ක් වටිනා ලැප්ටොප්, ටැබ්ලට්, දුරකථන ඇතුළු කාර්යාලයීය උපකරණ තොගයක් පිරිනැමිණ.

එම අවස්ථාවේදී යුරෝපා මැතිවරණ සංගමයේ නියෝජිතයින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ මහමැතිවරණය අවස්ථාවේදී යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට විවිධාකාරයෙන් සහය ලබාදුන් බවයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p