කුමාර වෙල්ගම විපක්‍ෂ නායක කරන්නැයි 56 ක්‌ ජනපතිගෙන් ඉල්ලති

September 2, 2015

විපක්‍ෂ නායකවරයා ලෙස කුමාර වෙල්ගම මහතා පත්කරන ලෙස ඉල්ලමින් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මන්ත්‍රීවරුන් 56 දෙනකුගේ අත්සනින් යුතු ලිපියක්‌ ඊයේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාරදී ඇත.

විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස මහින්දානන්ද අලුත්ගමගේ මහතා පත්කරන ලෙස ද එම ලිපියේ සඳහන්ව තිබී ඇත. වාසුදේව නානායක්‌කාර, විමල් වීරවංශ, රංජිත් සොයිසා යන මන්ත්‍රීවරුන් විසින් මෙම ලිපිය ජනාධිපතිවරයාට භාරදී ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p