පුනරුත්ථාපන කොමසාරිස් ඇතුළු පිරිසට ප්‍රහාරයක් – දෙදෙනෙක් රෝහලේ

September 1, 2015

වැලිකන්ද – කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ඊයේ (31) පස්වරුවේ පැවති උත්සවයකට සහභාගී වූ පුනරුත්ථාපන කොමසාරිස් මේජර් ජෙනරාල් ජනක රත්නායක මහතා ඇතුළු පිරිසකට ප්‍රහාරයක් එල්ල වී තිබේ.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් පිරිසක් පුනරුත්ථාපනය කිරීමෙන් අනතුරු ව ඔවුන් මුදා හැරීම නිමිත්තෙන් එම උත්සවය පැවති අතර එහි සිටි පිරිසට ඇහුම්කන් නොදීම හේතුවෙන් එලෙස ප්‍රහාර එල්ල කර ඇතැයි වාර්තා වේ.

තුවාල ලැබූ හමුදා නිලධාරීන් දෙදෙනෙක් පොළොන්නරුව රෝහලට ඇතුළත් කර තිබේ. කඳවුර අභ්‍යන්තරයේ ද පුද්ගලයින් 08 දෙනෙක් ද තුවාල ලබා ඇත. ගල් මුල්වලින් ද ප්‍රහාර එල්ල කර ඇති අතර එම ප්‍රහාර හේතුවෙන් පුනරුත්ථාපන කොමසාරිස්වරයාගේ වාහනයට සහ තවත් වාහනයකට එමගින් හානි සිදු ව ඇත.

වැලිකන්ද – කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ මේජර්වරයෙකු විසින් ඒ පිළිබඳ වැලිකන්ද පොලීසියට පැමිණිල්ලක් කර ඇති අතර වැඩිදුර පරීක්ෂණ වැලිකන්ද පොලීසිය විසින් සිදු කරයි.

පොළොන්නරුව – සමීර ධනංජය

Sammy

Previous story Next story

Leave a comment

t

o

p