ත්‍රස්වාදය වැළැක්වීමේ පනත අහෝසි කරනු!

August 29, 2015

මෙරට ඉතිහාසයේ ඉතා බරපතල මර්ධනකාරී පනත වන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අක්‍රිය කිරීමට රජය වහාම පියවර ගත යුතු බව කැෆේ සංවිධානය පවසයි. එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පෙන්වා දෙන්නේ මෙම පනත පුද්ගල නිදහසට ඉතා තීරණාත්මක ලෙස බලපාන කාරණයක් බවයි.

රාජගිරියේ පැවති සිවිල් ක්‍රියාකාරිකයින් සඳහා වන හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසී. පසුගිය කාලය පුරා ජනමාධ්‍යවේදීන් සහ සිවිල් ක්‍රියාකාරිකයින් රැසක්  මර්ධනය  සඳහා මෙම පනත යොදා ගැණුන බව තෙන්නකෝන් මහතා මෙහිදී සඳහන් කළේය. විශේෂයෙන්  කාල සීමාවක් රහිතව පුද්ගලයින් රඳවා ගැනීමට මෙම පනත යොදා ගැනෙන බව  කැෆේ විධායක අධ්‍යක්ෂ වරයා පෙන්වා දෙයි. මෙරට ත්‍රස්තවාදය පරාජය කොට වසර 6කට වඩා වැඩි කාලයක් ගතවී ඇතත් තවමත් මෙම පනත ක්‍රියාත්මක් වීම මෙරට සිවිල් පරිපාලනය ස්ථාපිත කිරිම සඳහා බාධාවක්  බව ඒ මහතාගේ අදහසයි. මෙම පනත අහෝසි කිරීමට හෝ බල රහිත කිරීමට වත්මන් රජය වහාම කටයුතු කළයුතු බව කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

මේ වනවිට ශ්‍රීලංකාව සිවිල් පරිපාලනය ස්ථාපිත වු රාජ්‍යයක් බවට පත්වී ඇති බැවින් මෙවැනි අණපනත් තවදුරටත් ක්‍රියාත්මක වීම මෙරට පුද්ගල නිදහසට දැඩි ලෙස බලපෑමක් ඇති කරනු ඇති බව ද කැෆේ  සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි. වර්තමානය වනවිට මෙරටට එරෙහිව මානව හිමිකම් චෝදනා එල්ල කරන බොහෝ පාර්ශව මෙම මර්ධනකාරී නීති හා අණ පනත් පිළිබදව දැඩි ලෙස අවධානය යොමු කරන බව කීර්ති තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පවසයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p